previous moment

423 33 21
                                    

"ඒ නාධී....."

ඈතින් පේන රූපෙ දිහාවට උගුර ලේ රහ කරන් කෑ ගැහුවා වුණත් ඒ හිත් දෙකම දන්නවා,මේ තමයි ඒ කතාවෙ අවසානෙ....

ඒ ඇස් විඩාපත් වෙලා...
අනාරක්ෂිත හැඟීම් වලට යට වෙලා අසරණ වෙච්චි පපුව වාරු කරන් තාම නැවතිලා බලං ඉන්නවා...
ගිනිකන වැටෙන ඉර එළිය යට බිම වැටුණ දණහිස් තුවාල වෙලාද දන්නෙ නෑ...
ඒත් යන්නම වෙනවා නං,ඒ ඇස් නිසාවත් නවතින්නෙ කොහොමද...

අයිති නැති තැන් වල නැවතුන හිත් දෙකක් වෙච්ච එකේ,ඒ හිත් වලට නොරිදවා සමුදෙමු....

"අතීතය කොහොමත් ලස්සනයි සංසාරා...ඒක එතනිං එච්චරයි.."

වසර කිහිපයකට පෙර.....
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

This one is an imagination

මගෙ හිත කියනවා ඒක ඉමැජිනේෂන් එකක්ම නම් කියලා...
ඒ තරම් අතාත්වික එයාගෙයි මගෙයි කතාව,

මේ ගමන පටන් ගනිද්දි මගෙ අතේ සිතියමක් තිබුණෙ නෑ...
එයා මට සිතියමක් පෙන්නුවා....

අපි ගොඩක් දුර එකට ඇවිද්දා
එයා කිව්ව විදියට මං එයාගෙ අතක පැටලුණා....

හිතුව විදියටම දේවල් වෙද්දි ,
එයා එක්ක ආව නිසාම,
පහු කරපු මං සලකුණුත්
මට අමතක වෙලා....

දැන් මං,
ලස්සන මායාවකින් වැටුණු අඳුරු කැලේක,
පාර අමතක අමුත්තතෙක්....

අමාරුවෙන් හොයා ගත්ත,
එක ඉරි තැලුණු හිස් බිමක
වේදනාවෙන් ලියන කතාවක් මේ....

හුස්මත් බිඳෙන්න කලින් ...
එක පාරක් මෙතන නවතින්න....
මට හරි මහන්සියි....

______________________________________

දුක පිරිලා වගේද?

එත් චුට්ටක් නවතින්න...දුක අස්සෙත් සමහර රස තැන් පිරිලා...

හේයි මයෙ ළමයිනේ...එක ළමයෙක්වත් ඉන්නවදෝ....කතාව ගේනවා ආපහු..කතාව මට මුල ඉඳල ලියන්න වුනා ළමයිනේ මගේ අතිං එහෙමම ඩිලිට් වෙලා ගියා..කලිං එක මතකත් නැතුව ඇති නේද...

කැමති ළමයි කියවන්න එන්නෝව්....ආදරෙයි හරිත...🤗❤️

 Once(Completed)Where stories live. Discover now