(edited )
"සංසාරා ඔහොම නවතිනවා..."
දුවන්න ගිය මගෙ කකුල් වලට බ්රේක් වැදුනා...
"තාත්තා...."
තාත්ත හිටපු තැනිං නැගිටලා මං හිටපු තැනට ඇවිත් හිටගත්තා...
"කාගෙං අහලද මෙහෙ ආවෙ...?"
"..."
"හිතුමතේට වැඩ කරන්න කවුද අවසර දුන්නෙ තමුංට...?"
තාත්තා දත් මිටිකාගෙන වගේ ඇහුවෙ...තේ එකකුත් අතේ අරං සාලෙට එන්න ආව අනුෂා ඇන්ටි එතනම නැවතුනා තාත්තගෙ මූණ දැකලා...මගෙ පස්සෙන් ආව අනිත් තුන් දෙනත් දොර ගාව එහෙමම නැවතුනා...
"අහන්න කෙනෙක් හිටියෙ නෑ.."
තාත්තා අතිං නළල තෙරපව ගත්තා...
"හරි යං දැං ගෙදර එහෙනං..."
"අම්මත් ගෙදර නෑ කිව්වා දවස් දෙකක්...මට ගෙදර ඉන්න බෑ තනියම....."
"වෙනදට ඉන්නෙ කොහොමද තමුං එතකොට...?"
"ඒ වෙනදා තාත්තෙ..මට මගෙ යාලුවො එක්ක ඉන්න දෙන්නකෝ..."
මං තාත්තගෙ තරහව පිරිච්ච ඇස් දිහා බලලා කෙලිං කතා කරද්දි එයා ඒ විදියටම බලං හිටියා...මගෙ ඇස් වල උනාගෙන ආපු කඳුලු තිබ්බා ඒ වෙද්දිත්...අත් මිටි කරං ඇඟට හයිය අරං ඔලුව උස්සලා බැලුවට තාත්තගෙ මූණෙ තිබ්බ බැල්මට මට බය හිතුණා,හිතුනෙම ගැහුවා තමයි කියලා කන පැලෙන්න...
"සංසාරා තමුං.._"
තාත්තගෙ ඉස්සුන අතේ හැප්පුන හුලඟ මගෙ දිහාවට එද්දි මං ඇස් පියා ගත්තා...
"මිස්ට ශාලිත..."
ඒ අත මං ගාවට නෑවිත් නවත්ත ගත්තෙ අක්කගෙ කටහඬ වෙද්දි තාත්තා නැවතුනා...
"මං සංසාරාගෙ ඉස්කෝලෙ එයාගෙ ගුරුවරයා...මං හිතන්නෙ ඔබතුමා මේ දරුවගෙ ඉස්සරහ වගේම මං ඉස්සරහාත් හැසිරෙන විදිය ගැන හිතලා බැලුවොත් හොඳයි.....
අනිත් කාරණාව තමයි එයාගෙ අම්මා අවසර දීලා තියෙන්නෙ එයාට මෙහෙ ඉන්න..."
අක්කා මාව එයාගෙ පිටිපස්සෙ හංගං කියද්දි තාත්තා තව මුකුත් නොකියා බලං ඉඳලා තරහෙම්ම යන්න ගියා....මං මගෙ ලඟම තිබ්බ වාරුව වෙච්ච අක්කගෙ පිටට නළල හේත්තු කරා..මගෙ ඇස් වල එකතු වෙලා තිබ්බ කඳුලු බිංදු නාහෙ දිගෙ බේරිලා ටක් ටක් ගාලා බිම වැටුනා..මට හයියෙම්ම ඇඬෙනවා...
![](https://img.wattpad.com/cover/340598174-288-k450515.jpg)
YOU ARE READING
Once(Completed)
Non-Fictionලස්සනම කතාව වුණත් එක තැනක් දුකින් ලියවුණා... පරිච්ජේද ගණනාවක්ම ලියවෙන්න තිබ්බත් මේ කතාවෙ , තවත් පරිච්ජේදයක් ගැන හිතන්න හිතක් නෑ... දුක හිතෙන කතා වලට කවුරුත් කැමති නැති නිසා.... ඉතින් යන්න කලින් එක පාරක් කියන්න, ආදරෙයි නේද?.... ⭕මෙම නිර්මාණය උපුටා...