19th moment

173 20 7
                                    

(edited)

"දැන් ඇති..."

මගේ මූණ අත් වලට අරං කඳුලු පිහදපු අක්කා එහෙම කිව්වා....ඒත් මට තව තව කඳුලු වල දියවෙන්නෝනා...තව තව හැංගෙන්නෝනා....

මං බලෙම්ම අක්කගෙ පපුව අස්සෙ මූණ හංග ගද්දි,මට මතක් වූන් නෑ අක්කා ආපහු ඉස්කෝලෙ යන්නෝන කියන එකවත්...ලොක් කරපු දොර නිසා බැල්කනියට අඹ ගහ දිගේ නැගපු ඒ අත් පා තුවාල වෙලා කියලවත්...අක්කා මුකුත් නොකියම එයාගෙ රළු වී ගෙන යන සිනිඳු අත් අස්සෙ මාව හංගං සැනසුවා මිසක් ඒවා ගැන මතක් කරේ නෑ....ඇඬුවා ඇතියි, දැන් ඇතියි කියලා හිතිලා මං ඔලුව උස්සනකංම අක්කා එහෙම හිටියා...සෑහෙන්න වෙලාවක් ගිහින් මං ඔලුව උඩට උස්සලා බලද්දි කම්මුලක් හීරිලා තුවාල වෙලා උන්න එයා මං දිහා බලං ලස්සනට හිනා වුනා...අඬලා අඬලා හිටපු මට එයා තුවාල කරගෙන මං ලඟට ආව හැටි ගැන හිතෙද්දි එයා ඉස්කෝලෙට නොයා නැවතුනා කියලා මතක් වෙද්දි ආපහු කට ඇද වෙලා නාහෙ දැවිල්ල අරං උගුර හිරකරා වෙද්දි අක්කා ආයෙම මාව නලවන්න ගත්තා....

"අනේ ඔයාට ඉස්කෝලේ..."

"ආ හරි හරි දැන් ඒවා ඉවරයි සුද්දි....කෝ....වොශ් දාන් එන්න..කන්න යං..."

අක්කා මාව බාත් රූම් එකට දාලා අන්තිමට ෆෝන් එක කනේ ගහන් එළියට යද්දි මං වොශ් දාන්න පටං ගත්තා...

එදා අක්කට ඉස්කෝලෙ යන්න වුනේ නෑ මං නිසා...හවස මායි අක්කයි කන්න යද්දි අම්මා හිටියෙ නෑ..එයා ගිහිල්ලා..මං ආයෙ කතා කරන්න ගියෙත් නෑ..මට තියෙන්නෙ කේන්තියක්ද දුකක්ද කියන එක මට තේරෙන් නෑ,.එයා මට කිව්වෙ නෑ මුකුත්,එයා මාව තනි කරලා එයාගෙ සතුට හොයං ගියා...මං ආත්මාර්ථකාමී ඇති...ඒත් මගෙ හිත මගෙන් ඇහුවෙම ඇයි එයාට හරි තාත්තට හරි බැරි වුනේ මාවත් අරං යන්න...ඔක්කොම දේවල් ඉවර වුනාට පස්සෙ ඇවිත් අන්තිමට එයාලගෙ තීරණ භාර අරං එකඟ වෙන්න කියන එක අසාධාරණ නැද්ද...මගෙ පැත්තෙන් මං තනි වුනා කියලා විතරක් මට හිතෙද්දි එයාලට කතා නොකර ඉන්න තරමට මගෙ හිත සැනසිල්ලෙ තියෙවි කියලා මං තීරණය කලා...

එතනින් එහා දවස් ගෙවුනෙ හරිම ඒකාකාරී විදියට...අපි ඉස්කෝලෙදි උදේ වරුව ක්ලාස් එකේයි හවස් වරුව  ග්‍රවුන්ඩ් එකේයි දවස ගත කරා..විශේෂ දෙයක් වුනා නං ඒ අපේ හවුස් හදන වැඩ පටන් ගත්ත එක...මාත් කට්ටිය එක්ක එකතු වෙලා උදව්වක් දුන්නා....

 Once(Completed)Where stories live. Discover now