36th moment

44 5 0
                                    


"අක්කෙ..."

අක්කා උන්නෙ මං කවදාවත් දැකලා නොතිබ්බ විදියට දිග ගවුමක් ඇඳලා...එයාගෙ ඇඟට ඒක ලස්සනයි...මං කොච්චර කතා කරත් මගෙ කටහඬ හිර වෙලා...එයා කවුදෝ නොදන්න කෙනෙක්ගෙ අතක එල්ලිලා යන්න යද්දි මං හයියෙන් ඇඬුවා....කඳුලු වල රස්නෙ හීනෙනුත් මට දැනෙද්දි මං ඇස් ඇරියෙත් අඬාගෙන....එතකොටත් අනු ඇන්ටි මගෙ ලඟ.. මං අඬාගෙනම එයාට තුරුල් වෙද්දි එයා නිහඬවම මගෙ ඔලුව අත ගෑවා....

මං අක්කට කිව්වා මාව හම්බෙන්න එන්න කියලා...එයා කිව්වා එක්සෑම් හොඳට කරන්න එයා එන්නං කියලා...මුලු රෑම වගේ ඔය ගැන හිත හිත ඉඳලා නින්ද ගියෙත් පැයක් වගේ හිත රිදවන හීනයක් දැකලා ඒ නින්දත් අහිමි වුණා..හෙට එක්සෑම්..යන්තං පොතක් බලා ගත්තත් පාඩං කරගන්න බෑ...අක්කා ආයෙම කතා කරෙ නෑ...කොච්චර කෝල්ස් ගත්තත් එයා ආන්ස කරෙත් නෑ....හිත කොච්චර රිදුනද...එයා කිව්වෙ බිසිලු එයා...ඒත් මං වෙනුවෙන් එක විනාඩියක් නැති වෙන්න තරං....

ගෙවෙන දවස් හරියට කල්ප ගනං ගෙවෙන්න වගේ හිමීට ගතවෙලා යද්දි ටික ටික එක්සෑම් ඉවර වෙන දවසුත් ආවා....අනේ මන්දා මං කොහොම දවස් ගෙවා ගත්තද කියලා මටම නිකං හීනයක් වගේ...පේපර් ලිව්වා නිකං හුරුවට වගේ....අක්කා එන්ගේජ් වුනා කියන වචන ඔලුව ඇතුලෙ ඇහෙද්දි මට පේපරේ ගුලි කරලා කන්න හිතුනා...ඉස්කෝලෙ නොයා ඉන්න හිතුනා...කෑ ගහලා අඬලවත් වෙලාවකට හිත හැදුන් නෑ....අක්කා බොරුවටවත් කොහොමද එහෙම කලේ...මට කොහොම දැනෙයිද කියලා එයා හිතුවෙ නැද්ද....මට කියන්න තිබුණා එයාට....

තව සබ්ජෙක්ට් දෙකක් ඉතිරුයි...හවස් වරුවෙ පොතත් අතේ තියන් ඔහේ බලං හිටියට පාඩං කරන්න මානසිකත්වයක් තිබ්බෙම නෑ...

"සුදූ පුතා..."

සෝෆාවෙ ඇන්දට හේත්තු වෙලා උන්න මං රන්දු අංකල්ගෙ අත් අතරට පැන්නා....එයා මේ දවස් වල නිතරම ගෙදර එනවා....මං එයා ලඟට වෙලා ඉද්දි එයා මගෙ ඔලුව අත ගෑවා....

"ඇවිදින්න යමුද...?"

"කොහෙද...?"

"සුදු කැමති තැනක..."

අන්තිමට කෝම හරි අපි හතර දෙනාම බීච් එක පැත්තෙ යන්න ලේස්ති වුනා...

 Once(Completed)Where stories live. Discover now