18th moment

168 23 4
                                    

(edited)

උදේ පීරියඩ් හතරම උගන්නලා හවස ස්පෝට් මීට් එකේ වැඩ වලට ළමයි සේරම ග්‍රවුන්ඩ් එකට දැම්මා...අපි කට්ටිය හිටියෙ ග්‍රවුන්ඩ් එකට මෙහා පාර අයිනේ අරලිය ගහ යට...

"මං සූර්ය එකේ .,..."

"අපරාදෙ අපි දෙන්නම චන්ද්‍ර.."

අපේ ඉස්කෝලෙ නිවාස පහයි....සූර්ය,චන්ද්‍ර, පෘථිවි,සයුරු ගගන....හය වසරෙන් පටන් අරන් දහ තුන වසරට යනකන් ඉන්න ලමයි හාරදාස් ගාන ඒ විදියට නිවාස පහකට බෙදෙද්දි මායි සෙව්මිණියි හය වසරෙ ඉඳලම හිටියෙ චන්ද්‍ර...එහෙම නැත්තං මූන් හවුස් එකේ..සනුතියා අපිට අලුතෙන්නෙ සෙට් වුනේ ඉතිං...ඒකි සූර්ය නිවාසෙට, එම නැත්තං කට වචනෙට කියන්නෙ සන්ලයිට් හවුස් එක, ආන්න ඒකට වැටිලා...ඒ නිවාසෙ ඉන්නෙ හැම පාරම නමටම හරි යන්න වහා ගිනි ඇවිලෙනසුලු උදවිය...ගිය පාරත් මීට් එකෙන් පස්සෙ ඒකෙ කට්ටිය වලියක් දාගෙන තිබ්බා...මේ පාර ඉන්නෙ ඊට වඩා අන්ත සෙට් එකක්...දහ තුන වසරෙ කට්ටිය මීට් එකට ලොකු දායකත්වයක් නෑ ඉතිං..විභාග කටේනෙ.ඒ වුනාට බහුතරය එනවා...නෑවිත් ඉන්නෙ නෑ...නිතරම ස්පෝට් එක්ක ජීවිතේ ගෙවපු ගොඩක් අය ප්ලේ කරන්න එනවා කියලා තිබ්බා...සූර්ය එකේ මේ පාර ගේම්ස් කැප්ටන් වෙලා ඉන්නෙ නිහාර විජේසිංහ කියලා මැත්ස් එකේ කොල්ලෙක්... මාර ඇග්‍රසිව්,මාර ස්ට්‍රෙන්ත් එකක් තියන මනුස්සයෙක්.... වගේම මං ආස නැති චරිතයක්....අපේ ගේම්ස් කැප්ටන් අශල්ය කෞශාල්...කොමස් එකේ ඩයල් එකක්....පොර ශෝක් කොච්චර වුනත්...නිහාර අශල්ය ජෝඩුව නෛ වයිරයි....හේතුව කවුරුවත් නොදන්නවට මේ පාර මීට් එක සෑහෙන්න කතා බහට ලක් වෙන එකක් වෙයි කියලා තමයි කියන්නෙ...අපේ හවුස් කැප්ටන් ඉන්නෙ අපේ සෙට් එකේම කේශිතයි හිරුන්දියි...ඒ දෙන්නා කොහොමත් ඒකට ගැළපෙනවා, ඩිපියුටි සේලකයි තව කෙල්ලෙකුයි..ඒ කෙල්ල මට එච්චර මීටර් නෑ......අපේ සෙට් එකෙන් හිටියෙ එච්චරයි...සෙව්වා නං ඉවෙන්ට් දෙක තූනකටම ඉන්නවා...මං ඉන්නෙ ඉතිං ප්‍රේක්ෂක ජනතාව අතරෙ තමා...මට ඔය ලොකු වගකීම් භාර අරං කරගන්න බෑනෙ...හවුස් ඩෙකරේටිං වලදි බැහැලා වැඩ කරන චරිතයක් විතරයි මං...ඊට එහා නෑ....

"මේ පාර අර නිහාර බං ගේම්ස් කැප්ටන්...උඹ පරිස්සං වෙයන් කෝකටත්..."

 Once(Completed)Where stories live. Discover now