"සංසාරා..?"
"ඔව්...මට ඕන එකම උදව්ව...අන්තිම උදව්වත් මේකම වෙයි සීයා අප්පච්චි,...මට එයාව හොයලා දෙන්න..මං ඔයා කියන ඕන දෙයක් කරන්නං..."
"අර ළමයව මැරි කරනවද..?"
"ඔව්..."
"හ්ම්..ඔය වචනෙ වෙනස් වෙන්න බෑ...මං ඒ දරුවගෙ අනාගතේ ඔක්කොම ලස්සනට හදලා දෙන්නං...සේනාධි, මං කියන දේ කරන්න ඕන...එච්චරයි"
චානක්යා එකඟ වෙද්දි සූරියබණ්ඩාරගෙ මූණෙ ඇඳුණෙ ජයග්රහණයක සෙයාවක්...එක තත්පරේකට දැක්කා නං එයා චානක්යාගෙ ආත්මෙම මොන තරං පරාජයකට වැටිලද කියන එක....
තනියම ඔෆිස් එකට ආව චානක්යා ඈත ඉර බහින දිහාව බලාගෙන අතට ගත්තෙ ෆ්රිජ් එකේ කොනක තිබ්බ මිල අධිකම මත්පැන් බෝතලයක්...ඒකත් අතේ තියන් සපත්තු ගලවලා විසි කරපු එයා විශාල වීදූරුව ගාව සෝෆා එකට පිට දීලා වාඩි වුණා...
වෙන අයෙක්ට නං මෙතනට පේන දර්ශනය ඉතාම සුන්දර එකක් වුණත් චානක්යා වෙනුවෙන් ඒක ලස්සන කරන්න දෙවියන්ට බැරි වුණා...
"මගෙ සුදූ....මගෙ වස්තුව"
රතු ගැහුන තොල් අතරින් ලාවට මිමිණෙද්දි ටික ටික චානක්යා හිර වුණේ සංසාරාගෙ ලෝකෙ ඇතුලෙ...
රවුම් දුඹුරු ඇස් රවා ගත්තම කොච්චර නං ලස්සනයිද.... ඒ තොල් නෝක්කාඩු කියද්දි හපලා හපලා ගිලින්න හීතෙන තරං හුරතල්....
"සංසාරා... මගෙ මැණික...උඹ කොහෙද ගියෙ...."
"කොහොමද මං මේක ඉවස ගන්නෙ....ඉක්මණට එන්නකෝ,ගිය තැනකිං වස්තු..."
සංසාරාගෙන් හිස් වුණ පපුවට අතින් ගහ ගහ හිස් වාතලයෙන් ප්රශ්න කරපු චානක්යා ආයෙම වතාවක් මනෝ ළෝකෙට ඇදෙන්න ගත්තා....
________________________"අක්කේ .."
"සුදු මගෙ සුදු"
වයින් වලින් මත් වෙලා උන්න චානක්යා කියන කරන දෙයක්වත් නොදැන තමං ලඟට ආව රුෂිවත් සංසාරා කියලා වරදවා වටහා ගත්තා...
"ඕයි ඒසිගෙ පුතෝ නැගිටපංකො....යමං ගෙදර....ගොං සුදු ආවම බබා මං මේවටත් එක්ක ඕකිව උල තියන්නෙ..."
![](https://img.wattpad.com/cover/340598174-288-k450515.jpg)
YOU ARE READING
Once(Completed)
Non-Fictionලස්සනම කතාව වුණත් එක තැනක් දුකින් ලියවුණා... පරිච්ජේද ගණනාවක්ම ලියවෙන්න තිබ්බත් මේ කතාවෙ , තවත් පරිච්ජේදයක් ගැන හිතන්න හිතක් නෑ... දුක හිතෙන කතා වලට කවුරුත් කැමති නැති නිසා.... ඉතින් යන්න කලින් එක පාරක් කියන්න, ආදරෙයි නේද?.... ⭕මෙම නිර්මාණය උපුටා...