1st moment

247 22 3
                                    

A/N

කතාව අද ඉඳලා පබ්ලිශ් කරනවා ආපහු....මං අන්තිම කොටසත් ලියලා ඉවරයි...කතාවෙ පොඩි පොඩි ටිකක් වෙනස් කරා...මහීෂ කියන චරිතෙ වගේ අනවශ්‍ය දේවල් ටිකක් අයින් කරලා මුල ඉඳලම ඔලුවෙ තිබ්බ විදියට කතාව ලියා ගත්තා..

කියවන ආදරණීය ඔයාලාට,මුලදි කිව්වා වගේම, මේ කතාව දුකයි.. බලාපොරොත්තු බිඳින සුලුයි...ආදරෙන් ඉල්ලනවා,හිත රිදුනට බනින්නෙපානෙ...ආදරෙන් ලිව්වෙ හිතේ ඇඳුන කතාවනෙ...🥺

හමුවෙමු...❤️🌼🤗

(edited)

"ඒ අපේ ඉස්කෝලෙට අලුතෙන් ආව කෝච් නෙ බල්ලො..."

"මොකක්..?"

සංසාරා තමංගෙ බෙල්ල ලඟට තියන කොට කොණ්ඩෙ කන පිටිපස්සට දාන ගමන් සෙව්මිණි දිහා බැලුවෙ ගැස්සිලා වගේ ඇසුත් ලොකු කරං...

"ඔව් අපෙ නෑදෑයො....නැන්දගෙ දූ ඔය..."

"ඒකි මහ කොලු කෙල්ලෙක්නෙ බං...අපෙ අම්මා වගේ නං දෙයි හනස්සක් කැඩෙනකං..."

"ඒ උඹලයි අම්මා...මේ අපෙ නැන්දා..."

"ඒ වුණාට මං ආස නෑ..."

"ඉතිං දැං උඹ ආස වෙන්න ඕනද අක්කා එහෙම ඉන්න...ගොං කතා නොකිය වර යන්න මෙහෙට..."

ලෝකෙ ගැන මෙලෝ දැනුමක් නෑ වගේ ආත්මාර්ථකාමී කතා කියවන යාලුවගෙ ඔලුවටත් එකක් ඇනලා අතිං ඇදගෙන සෙව්මිණි යන්න ගියා....එයා දන්නවා සංසාරා ගෙ හැටි....අවුරුදු දහ අටක් වයස කෙල්ලෙක් තව මාස ගානකින් උසස් පෙළ ලියනවා,ඒ වුණත් සංසාරා හැදුනෙම දෙමව්පියො අස්සෙ සමාජෙට යන්න ඉඩක් නැතුව නිසාදෝ නිතරම ලෝකෙ දිහා බැලුවෙ පටු කෝණෙකිං....

තව මුකුත් කියලා වැඩක් නැති නිසා වෙන්නැති සෙව්මිණි එච්චරක් විතරක් කියලා පන්තියට ගෑටුවෙ....

ඒ වුණත් සමහර දේවල් තියනවා සංසාරා හිතේම තියන් සෙව්මිණිට වුණත් හංගාපු....සෙව්මිණිගෙ පස්සෙ ඇදිලා යන ගමන් සංසාරා ලාවට හිනා වුණේ ඒ නිසා වෙන්නැති.....

#සංසාරා නිම්නාදි ගමගේ...අමුතු සෘජු ගති පැවතුම් තියන ටිකක් නපුරු කෙල්ලෙක්...නපුරු නුරුස්නා බැල්ම නිසාම වෙන්නැති යාලුවො කියලා හිටියෙ සෙව්මිණි විතරයි එයාට...ඇත්තටම නපුරු කමක් ගෑවිලාවත් නැති වුණාට අනිත් අයට පෙන්නන ඒ  නපුරුකමටත් හේතු තිබ්බා...අම්මා තාත්තා දෙන්නම තද ගති තියන රාමුවක් ඇතුලෙ ජීවත් වෙන පිරිසක් නිසාදෝ සංසාරා හැදුනෙත් ඒ දෙන්නා වගේමයි...සෙව්මිණි කොච්චර උත්සහ කරත් සංසාරාගෙ මේ ගති යවන්න අමාරුයි...එවෙලෙට සෙව්මිණි ට හිතෙන්නෙම ජාන වලින් එන ගති අරින්න අමාරුයි....
_________________

 Once(Completed)Where stories live. Discover now