5th moment

170 22 1
                                    

(edited)

"ඔයාට පිස්සුද බබී අක්කෙ...මෙයායි මායි කරන ස්පෝට්..අනේ නිකං ඉන්න අනේ.."

අපි හිටියෙ ස්පෝට් රූම් එකේ...කෝච් අක්කා හදිසියෙම එන්න කිව්ව නිසා තුන් කට්ටුව එක්ක ගිහින් බැලුවම කෝච් අක්කගෙ කල්පනාව බිම්මල් පංතියෙ ඉන්න අපිව දාලා නෙට් බෝල් ටීම් එකක් හදන්න....අනේ හැබෑටම මේවා ලැජ්ජ නැතුව කියන එකනෙ වැඩේ....

"සනුති ?"

"මං එන්නං කෝච්...මං කලින් නෙට් බෝල් කල්ලා තියෙනවා.. "

"හරි එහෙනං ඔය ජෝඩුව...යාලුවට සපෝට් කරලා එයාව චියර්අප් කරලා ගන්නෝනෙ..."

"අයිත් අහලා...ඒ ගැන සැකයක් තියා ගන්නේපා සුදු නෝනෙ..."

මගේ ඇඟට හේත්තු වෙලා බටකොල ආච්චචියෙක් වගේ කියව කියව උන්න එකි දිහා කෝච් අක්කා රවලා බැලුවා....මං නං වචනයක් කිව්වෙ නෑ...මට කොහොමත් ස්පෝට් කරන්න අදහසක් නෑ..මං එයාලගෙ කතාබහ නිකං අහං හිටියා විතරයි...හරියට මෙතන ඉන්න අදෘශ්‍යමාන චරිතයක් වගේ..

"සංසාරා...අද ඔයාලගෙ ඉංග්ලිශ් ටීච ඉස්කෝලෙ ආවෙ නෑනෙ...ඔයාව මේ පාර කලාප තරඟ වලට තෝරගෙන...මං මිස්ගෙ නම්බ එක දෙන්නං ගෙදර ගිහින් මිස්ට කෝල් එකක් ගන්න..."

එදා බෑ කියලා හිතුනට අද නං මට එහෙම බැරි කමක් නෑ...එතන ස්පීච් එකක් නෑනෙ..තිබ්බත් මහා සෙනඟක් ඉස්සරහ නෙවෙනෙ.. මං කෝච් අක්කට ඔලුව වනලා හා කිව්වා...

"කේශිත..මේ සනුති එයාව නෙට්බෝල් ටීම් එකට ගන්නෝන...."

එහෙම කියලා කෝච් අක්කා අපිට යන්නං කියාගෙන ක්‍රිකට් පිච් එක පැත්තට දිව්වා..

"මොකෝ බං භාගෙට පන ගිහිං වගේ..."

කේශිත මහ පගයා වගේ හිටියට ඌත් අපේ වයසෙ...මං දිහා බලලා අරම අහලා ඌ පුටුවකට කඩන් වැටුණා...භාගෙට පණ ගිහිං වගේ ඉන්නෙ මං නෙවේ ඌනෙ බලං ගියාම...මං හිනා වුනා විතරයි...මුකුත් කිව්වෙ නෑ....

"කෞශල්‍යා මෙහෙ එනවා..."

මං හැරිලා බැලුවෙ යන්න ගිය කෝච් අක්කා ආයෙ ඇවිත් කෑ ගැහුව නිසා...සනුතියා නං කේශිතයි ඌ එක්ක ආව සේලකයයි රවිතයයි එක්ක පච හලනො...සෙව්මිණියා මූණත් ඔහෙක් කරං කෝච් අක්කා ගාවට දිව්වා...ඌ ආස නෑ ඔය කෞශල්‍යා කියන කෑල්ලට...ඒකයි ඔය...ඒ ටිකකින් හිරුන්දි ත් ආවා අපි ඉන්න තෑනට...හිරුන්දියත් අපේ එළ බොක්කක් තමයි..අර කතාවට කියන්නෙ සේම් බ්‍රේන් සෙල්ස් කියලා...අපි සෙට් එකම ඒ වගේ...සෙට් එකම කිව්වට ඔතන මම නෑ...මං ඉන්නෙ කොනේ..බ්‍රේන් සෙල්ස් එක වුනාට එයාලා තරං මං කථාවට ලැදි නෑ...ඒ නිසා වෙන්නැති මං නපුරුයි කියලා බහුතරය හිතන්නෙ..කට්ටියම ගොං කතා කිය කිය හිනා වෙවී ඉඳියා...මෙතනිං ස්පෝට් නොකරන්නෙ මං විතරයි...සෙව්වත් ස්පෝට් කරන් නෑ කිව්වට බැඩ්මින්ටන් වලට යනවා මැච් එකක් සෙට් වුණාම....මේ දවස් වල ඒකිට පොඩියට හීනියට බ්‍රේක් එකක් සෙට් වෙලා..ඒකයි ඔය මෙතන කයිවාරු පප්පා වෙලා ඉන්නෙ...

 Once(Completed)Where stories live. Discover now