(edited)
"සුදු..."
අක්කගෙ අත් වලින් ලිහිලා වැටුන මගෙ අත් ආපස්සට අක්කාගෙ අත් වලට තද වුනා මට දැනුණා..ඒත් මං හිටියෙ පියවි සිහියෙන් ඈත.....තත්පර විනාඩි වෙලා ගෙවිලා ගියා..මං තාත්තා දිහා බලං හිටියෙ තාමත් විශ්වාස කර ගන්න බැරි නිසා..ඉස්සර මොන දේ වුණත්,මට අම්මා තාත්තා දෙන්නම හිටියා...දැන් මෙතන ඉඳලා මේ මොහොතෙං පස්සෙ තාත්තා මගෙ ලෝකෙං ඈතයි කියන යථාර්තෙ මට පෙනෙද්දි,හිත හරි මූසල හැඟීමකින් වැහුනා...මං තාත්තගෙ මූණ මගෑරලා අර ගෑනු කෙනාගෙ මූණ දිහා බැලුවා....අහිංසක පෙනුමයි...ලස්සනයි..ඇස් වල කඳුලු පුරවන් සමාව අයදින බැල්මකිං බලං හිටියා එයා..
මොන සමාවද ...මෙතන ඔයා වැරදි නෑනෙ..
මුලු හිතම අසරණ විදියට කෑ ගහද්දි මං බිම බැලුවා...ඒ එක්කම කඳුලු පෝලිමක් ඇස් දෙකෙන් බිම වැටුනම අක්කා මාව ඇදගෙන එළියට ඇවිත් මිදුල මැදම මාව පපුවට තද කර ගත්තා...මං හයියෙන්ම ඇඬුවා....අක්කගෙ උරහිස් වල එල්ලිලා පුලුවන් තරං හයියෙන් ඇඬුවා....මට දුකයි,වේදනායි,මට තනිවෙන්න බෑ...මෙච්චරකල් බනින්න නොසලකා හරින්න හරි මොනා හරි මාව බලා ගත්ත එයාලගේ එක අතක් මගෙන් අතෑරෙයි කියලා තේරෙද්දි අනේ මට බයයි... මං හයියෙන්ම ඇඬුවා...අක්කා මාව දරාගෙන හිටියා...එයාගෙ අත් වලින් මගෙ පිටට මෘදු තට්ටුවක් තත්පරෙන් තත්පරේ දැනුනා...
මං අඬන අතරෙ තාත්තලා ගිහින්...හිත යන්තමට හරි සංසුන් වුනාම අක්කගෙන් ඈත් වෙලා මං මූණ අත් දෙකෙම්ම පිහිද ගත්තා...මං එක්ක අක්කත් අඬලා එයාගෙ ඇස් රතු වෙලා...මං එයා දිහා බලලා මළානිකව හිනා වුනාම එයා මගෙ ඔලුව අතගෑවා...
"යමු...ඔයා බඩගින්නෙ සුද්දි..කාලා ඉමු.."
මං බෑ කියන්න දෙපැත්තට ඔලුව වැනුවා..ඇත්තෙන්ම කන්න හිතක් නෑ...හිතට හරි වේදනායි...අම්මට කෝල් එකක් ගන්න මේ වෙලාවෙ ලොකු වුවමනාවක් දැනෙනවා මට...
"අක්කෙ අම්මට කතා කරන්ණ ඕනෙ..."
මං එහෙම කිව්වම අක්කා එයාගෙ ෆෝන් එකෙන් අපෙ අම්මට කෝල් කරා...
"සුදු පූතේ..."
අම්මගෙ කටහඬ ෆෝන් එකෙං ඇහෙද්දි මට ඇඬෙන්න ආවා....මං තොල් හපා ගත්තා....
![](https://img.wattpad.com/cover/340598174-288-k450515.jpg)
YOU ARE READING
Once(Completed)
Non-Fictionලස්සනම කතාව වුණත් එක තැනක් දුකින් ලියවුණා... පරිච්ජේද ගණනාවක්ම ලියවෙන්න තිබ්බත් මේ කතාවෙ , තවත් පරිච්ජේදයක් ගැන හිතන්න හිතක් නෑ... දුක හිතෙන කතා වලට කවුරුත් කැමති නැති නිසා.... ඉතින් යන්න කලින් එක පාරක් කියන්න, ආදරෙයි නේද?.... ⭕මෙම නිර්මාණය උපුටා...