30th moment

122 16 1
                                    

(edited)

"මගෙ සුදු..."

අඩ නින්දෙ හිටපු මගෙ නිදිමත ඇස්පියන් අතෑරලා පෑල දොරෙන් පැනලා දිව්වා....අක්කගෙ කටහඬ එක්ක එයාගෙ තෙත හුස්ම මගෙ බෙල්ල පිටිපස්සෙ තැවරුණා...දිගටි බර අතක් මගෙ ඉනවටේ තද වුණා...මං වැඩිවෙන හදගැස්ම පාලනය කර ගන්න උත්සහ කරද්දි අක්කගෙ මුවින් නික්මුණ ඉකියක් මගෙ පිට අස්සෙ හැංගිලා ගිය බව මට ලාවට ඇහුණා...එයා අඬනවා...

"මට ස..මාවෙන්න සුදු...මේක වෙන බව දැන දැනම උඹවත් මේ මර උගුලට ඇද ගත්තට උඹේ නාධිට සමාව දියන් වස්තුව....අනේ මං මොකද කරන්නෙ සුදූහ්....මට උඹව ඕනානෙ...හ්"

මගෙ ඔලුව අත ගගා කියව කියව අඬපු අක්කා මාව තුරුල් කර ගද්දි මං යටි තොල දත් අතරට තද කරා....ඇස් වලින් ගලාගෙන ආව මගෙ කඳුලු කොට්ටෙට උරා ගද්දි කොච්චර වෙලාවක් අක්කා මාව තුරුල් කරං ඇඬුවද කියන්න මං දන් නෑ...අන්තිමට එයා අඬ අඬම නින්දට වැටිලා කියලා ඒ හුස්මෙ රිද්මෙන් මට තේරුම් යද්දි මං අක්කා දිහාවට හැරිලා අක්කව තුරුල් කර ගත්තා....ඇති වෙන්න ඒ මූණ සිප ගත්තා...මොනව වුණත් අන්තිම වෙනකනුත්,ඊට පස්සෙත් මං ආදරෙයිනෙ අක්කෙ....

අක්කා ඉන්න අවුලෙ හැටියට මට එයාට අඬන්නෙපා කියාගන්නවත් බෑ...මටත් නාඬා ඉන්න බැරිකොට කෝමද මං එයාට එහෙම කියන්නෙ...මට දැන් ඕන එයාට මං ඉන්නවා කියන එක පැහැදිලි කරන්න...දේවල් තනියම විසඳනවට වඩා එකතු වෙලා විසඳ ගමු කියන්න..උදේට එයා එක්ක නිදහසේ කතා කරලා ඒ හිත නිවන්න...නළල ඉඹලා යන්තමට හරි මං එයා ලඟමයි කියලා දනවන්න......

අක්කට නින්ද යනකන් ඒ පිටට තට්ටු දදා හිටපු මට නින්ද ආවෙ කීයටද කියන්න මතකයක් නැතත්,තද නින්දක් නොලැබුණ ඒ රෑ අක්කගෙ ආදරේ තවරපු අන්තිම හාදුව මගෙ නළල ඉඹින හැටි මට හීනෙන් වගේ මතක තිබුණා....

______________________________________

"ඕයි නැගිටපං ගොං සුදු...."

සෙව්ගෙ කටහඬට මං අමාරුවෙන් ඇස් දෙක ඇර ගත්තා...ඊයෙ රෑ වෙනකං ඇහැරං අක්කා ගාව කිරලා දැං ඇස් වලට වැලි ගහපු ගානයි....

අර කිව්වත් වගේ අක්කා නැගිටලා ඇති...ම්ම් ඒ මූණ බලන්නත් ආසයි දැං...ඊයෙ රෑ බීලා හතර ගාතෙන් ආව හැටි මතකද දන් නෑ බේබදු කුමාරිට..දෙන්නෝන ටොක්කක්...මං ම හින්දා හොඳයි එයාට...

 Once(Completed)Where stories live. Discover now