තුන්වන පරිච්ඡේදය

529 56 4
                                    

ඉස්කෝලේ ගමන නරකමත් නැහැ... ඒක මිශ්‍ර පාසලක්... මට උගන්නන්න තිබ්බේ සංගීතය ඇතුළුව තවත් විෂයන් කිහිපයක්. පාසලේ ගුරුවරු අඩු නිසාම එක ගුරුවරයෙකුට විශයන් කිහිපයක්ම උගන්නන්න යෙදිලා තිබුණා. පාසලේ උගන්නන්න හිටිය ගුරුවරු ගොඩක් අය ගමේ ම අය.

මම අසාවෙන් මගේ රාජකාරිය අකුරටම ඉශ්ඨ කලා. මම අලුතෙන් ආව නිසා වෙන්න ඇති කොල්ලො කෙල්ලෝ විවේකා ගාරයට ඔළුව දාමාගෙන මාව දැක්ක ගමන් කුටු කුටු ගගා යනවා දැක්කත් මම කිසිවක් නොකියා මගේ පාඩුවේ හිටියා.

අදාල කාලච්ඡේද වලදි ඉගැන්වීම් කටයුතු කරලා මම නැවත ගෙදර යන්නට සැරසෙන විට විවේකාගාරයේ හිටිය ගිම්හානි මිස් මා ළඟට ආවේ ලස්සන සිනහවක් තියාගෙන...

"අයේශ්... කොහොමද ඉස්කෝලේ හොඳ ද?"

"හිතුවට වඩා ගොඩක් හොඳයි මිස්.."

"මිස් කියන්න එපා අයේශ් අක්කේ කියලා කතා කරන්න" ගිම්හානි මිස් සිනාවකින් කියද්දි මමත් ආපිට සුවදව සිනාසුනා.

"දැන් ඔය යන්නද හදන්නේ.."

"ඔව් මිස්"
මම ආයෙමත් මිස් කීව්ව නිසා වෙන්න ඇති ගිම්හානි මිස්ගේ කට ඇදවෙලා යනවා දැක්කාම මට හිනාවක් ගියා.

"මම යන්නම් අක්කේ"
මම හිනාවෙලාම කිව්වම ගිම්හානි මිස් ඔළුව වනලා හා කීව්වා.

ඉස්කෝලේ ලඟ ඉඳන් මම ඉන්න ගෙදරට යන්න මහලොකු දුරක් නැති නිසා මම බෑග් එකත් කර පැත්තට දාගෙන පාර දිගේ ඇවිදගෙන ආවේ ඉස්කෝලේ සුදු කොක්කු රෑන අස්සෙන්මයි. ඔවුන් සීසීකඩ විසිරෙද්දි මම ඒ අතරින් හෙමිහිට ඉදිරියට ඇදුණා.

"යෝහ්හ්!! ඕක හරියට ගහපංකෝ.. ඇහැ ළඟ තියාගෙන රුවිතෙට යවන්නේ රෙද්ද.."

ගෙදරට යන කෙටි පාරට හැරෙන තැනම තිබුණු අඹ ගහේ එල්ලීගෙන හිටපු කොල්ලො කුරොට්ටෝ ටික ගහට ගල් ගහන ගමන් අඹ කඩන්න පොරකන විදිය මම දැක්කා. ආපසු හැරිලා ඔවුන්ට එකතු වෙන්න කියලා හිත කෑගැහුව හින්ඳ ම මම ගුරු පදවිය තාවකාලිකව අමතක කරලා දාලා කොල්ලො රෑනට එකතු වුණා.

මම ඉනටත් අත් දෙක තියාගෙන පුංචි එකෙක්ගේ පිටි පස්සෙන් ගිහින් හිට ගත්තා ම පුංචි එකා බය වෙලා අතේ තිබ්බ ගලත් හිමින් සැරේ බිමට අත ඇරලා දාලා පිටි පස්සට උනේ බිම බලාගෙන.

නෙළුම් විල Where stories live. Discover now