දහඅටවන පරිච්ඡේදය

334 49 8
                                    

විහස් බිමට නැවීගෙන මොනවද පලතුරු වගයක් බදාගෙන ඉඳලා එක පාරටම ඇවිත් මගේ ෆෝන් එක ඇදලා ගත්තාම මම බැලුවේ මොකද කියලා...  මම දැක්කා විහස් ෆෝන් එක ගත්ත ගමන් මගේ ගැලරි එකේ ගත්ත ෆොටෝ බලනවා... විහස් ආපිට මට ෆෝන් එක දුන්නේ එයා හිතපු දේවල් ඒකේ නො තිබුණු නිසා වෙන්න ඇති....

"මොනවද හිතුවේ..... ආහ්....? තමුසේ ඔය හිතන් ඉන්න මනස්ගාත ඔළුවෙන් අයින් කරලා දාගන්නවා... මට එච්චර අසහනයක් නෑ...."

"ඔහේ වගේ කෙනෙක්ගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුනොත් ඇරෙන්න වෙන මොනාද.. මෙච්චර ගෑනු ඉන්න රටේ කොල්ලෙක්ගෙ පස්සෙන් එන්නේ අසහනේට නැතුව වෙන මොකටද..? ඉස්කෝලෙ ඉන්න ළමයින්ට මොනා උගන්නනවද දන්නෑ..."

කඩේ සෙනඟ නිසා විහස් මට ඇහෙන්න විතරක් දත්මිටි කාගෙන කෑගහනකොට කේන්තියට මිට මෙල වුන මගේ අත් වල නහරත් ඉලිප්පිලා තිබුණා... ඇත්තමයි මෙතන මිනිස්සු නො හිටියා නම් අනිවාරෙන් විහස් මගෙන් හොඳ කනේ පාරක් කන්න තිබ්බා.... මම දත්මිටි කාගෙන කඩෙන් එළියට ආවේ තවදුරටත් විහස්ගේ මූණ දකින එකෙන් වෙන්නේ කේන්තිය වැඩි වෙන එක විතරක් නිසා....

ගලෝපු හෙල්මට් එකත් ආපහු දාගෙන මම බයිසිකලේට නැගුණෙමි. ටිකකින් විහස් ආවේ මට රවන ගමන්...

"කොහෙද යන්නේ කුලප්පුව හැදිලා වගේ....සල්ලි දෙන්නැද්ද අරවට..."

විහස් කී විට මම කලිසම් සාක්කුවට අත දමා පර්ස් එකෙන් අරන් අදාල මුදල විහස් අත තබා නිහඬ වුනෙමි.. විහස් තඩි මල්ලකුත් උස්සන් ආපහු එන විට මට උදව්වක්වත් කරන්න හිතුනෙ නෑ..
මම අහක බලාගෙනම සිටියෙමි...

"මේක පොඩ්ඩක් ගන්නකෝ... බලන් ඉන්නේ.... මට නගින්නවත් බැහැ..."

"උඹට උදව් කරන්න බයයි මට..... තියන අසහනේට උදව් කරන්න ආව කියයි ඊට පස්සේ..."

මම කිව්වේ එච්චරයි විහස්ගේ කටට අඟුල් වැටුණා.... විහස් මට රවාගෙන ඉඳිද්දි මම ඒ අතේ තිබුණු මල්ල අතට අරගත්තාම ඔහු බයිසිකලේට නැගුණේය. මම බයිසිකලේ ස්ටාර්ට් කරගෙන කෙලින්ම ගියේ පන්සලට... මාමා යන්න කලින් කිව්වේ පලතුරු ටිකත් අරගෙන කෙලින්ම පන්සලට එන්න කියලා නිසා මම විහස්ගෙන් පාර අහගෙන පන්සල වෙත බයිසිකලය ධාවනය කලෙමි.

නෙළුම් විල Where stories live. Discover now