තිස් හතරවන පරිච්ඡේදය.

368 39 21
                                    


"මහත්තයා.... වර්ෂා මගෙ යාළුවෙක් විතරයි.... අරුන් විහිළු කලාට එහෙම දෙයක් නෑ..."

"හරි විහස්.... එකින් එක ඔක්කොම පැහැදිලි කරන්න ඕනේ නෑ..... මට තේරෙණවා..."

"මහත්තයා තරහා වෙලානේ ඔය ඉතින්....."
විහස් මගේ අතේ එල්ලිලා නැහෙන්න හැදුවා....

මට අවුලක් නෑ කියලා කොච්චර කිව්වත් හිතේ කොණක පොඩි නොරිස්සුමක් තිබුණා.... මට සැකයක් අවිශ්වාසයක් නොතිබුණත් මට විහස් මගේමයි කියලා ඔප්පු කරන්න ඕනේ වුනා.... ඒක විහස්ටත් තේරෙන්න ඇති ඒකයි එයා මගේ උරහිස් වල එල්ලීගෙන කියෙව්වේ...

මම ලොකු හුස්මක් අරගෙන විහස්ව අත් අතරට කොටු කරගෙන ඒ තොල් මගේ අයිතියට ගත්තේ එයා තව මොනවද කියවන්න හදනකොට.... ඒක සියුම් හාදුවක් නෙවේ.... මම චූටිව ගොඩක් තදට සිප ගත්තෙමි.... හාදුවේ සැරට ඒ ටිකට එයාගේ තොල් චුට්ටක් ඉදිමිලත් වගේ පෙණුනේ....
මම විහස්ගේ කෙළ ගෑවිලා දිලිසෙන තොල් මහපට ඇඟිල්ලෙන් පිහලා ඒ උඩින් චූටිවට තව පාරක් ඉම්ඹා....

"වර්ෂා නෙවේ ඒකි සුනාමියක් උනත් උඹ මගේ විතරයි විහස්...."

මං ආර්ථමාර්ත කාමියෙක්ද? ඔව්... විහස් වෙනුවෙන් මම ආර්තමාර්ත කාමියෙක්... මම ආදරේ කරන්නේ කා එක්කවත් බෙදාගන්න නෙවේ ඔයා එහෙනම් යන්න කියලා බලාගෙන ඉන්න නම් මොන මඟුලටද ආදරේ කරන්නේ.... මට එහෙම කරන්න බෑ... දැන් නම් කොහොමවත් බෑ... මම විහස්ට බැඳිලා ඉවරයි. ගතින් බැඳුනම ගලවගන්න ලේසි වුනාට හිතකට තදින් ඇලුනාම ගලවන්න හරි අමාරුයි....

අපි අතර ගොඩ වෙලාවක නිශ්ෂබ්ධ තාවයක් පැතිරුණා... විහස් ප්‍රධාන ශාලාව පැත්තට ගිහින් මට ඉඟුරු දාපු කහට කෝප්පයක් ඇරගෙන ඇවිත් නිහඬවම මගේ එහා පැත්තෙන් ගල්පොත්ත උඩ වාඩිවුණේ ය... ප්‍රධාන ශාලාව පිටි පස්සේ තිබුණේ විශාල ගල් තලාවක් ඒ එක්කම හැදුණු වෙරළු ගහකුත් තිබුණා...
අපි ආයෙම එක එක විකාර වලින් ඈත් වෙලා පරණ විදියටම කතාකරන්න පටන් ගත්තෙමු.... මේ හරියේ කවුරුත් ගැවසෙන්නේ නැති නිසා චූටියි මමයි වාඩි වෙලා උන්නේ ඇඟේ ගෑවි නොගෑවි...

"මහත්තයා..."

"ම්ම්ම්..." මම කහට උගුරක් බොන ගමන් විහස්ට ඇහුම්කන් දුන්නෙමි.

නෙළුම් විල Where stories live. Discover now