විහස්ට බෙහෙතුත් අරගෙන රෑට කන්න ලුණු මිරිස් එක්ක ආප්පත් අර ගත්තේ අම්මටයි චූටි දූටයිත් ඇති වෙන්න.... ඒ එන ගමනුත් මම විහස්ට වෙලාවට කාලා බෙහෙත් බීලා ඉක්මනට හොඳ වෙන්න කියලා සැරෙන් සැරේ ජප කරන ගමන් හිටියේ... විහස් ඒ හැම එකටම හුම් හුම් ගගා උත්තර දෙන ගමන් ඔළුව වනද්දි මගේ පිටට තද වෙලා තිබුණු ඔහුගේ බෝල කම්මුල් කොන්ද හරියේ ඇතිල්ලෙන කොට මං ඒකට ආදරේ වුණා....
ගෙදර යනකනුත් අම්මා ගෙපිළට විලා අපි එනකන් මඟ බලාගෙන ඉඳලා බයිසිකලේ දැක්ක ගමන් දුවගෙන ඇවිත් විහස්ව පරිස්සම බයික් එකෙන් බස්ස ගත්තා...... බයික් එකේ හඬට නෙතුමුත් ගේ ඇතුළේ ඉඳන් එළියට එනකොට විහස් අම්මට වාරු වෙලා කමරේට ගිහින් ඇඳෙන් ඇල වුනේය.
"පිං සිද්ධ වෙනවා ඉස්කෝලේ මහත්තයට...."
අම්මගේ ඒ ඇස් කියාගන්න බැරි හැඟීමකින් පිරිලා තිබුණා"මට පිං ඕන්නෑ අම්මා... විහස් හොඳ වුනොත් ඇති..."
අම්මා මාත් එක්ක කතා කර කර ඉඳලා කුස්සිය පැත්තට යනකොට මම විහස්ගේ කාමරේට ගියෙමි... මා එන විට ඇතුළෙ ඉඳපු නෙතුම් මට ඉඩ දීලා එළියට ගියේය....
"විහස්.....
චූටි...! නැගිටින්නකෝ... ඔහොම නිදා ගන්න එපා කාලා බෙහෙත් බීලා නිදාගන්න..."
මම විහස් කියලා කතා කරද්දි ඇහුන්නෑ වගේ ඉඳලා චූටි කිව්වා විතරයි ඇස් ඇරලා මගේ දිහා බැලුවේය... මේකගෙත් තියෙන්නේ පුදුම කැටයං මම එහෙම හිතන ගමන් විහස්ගේ එහා පැත්තෙන් වාඩි වුනෙමි....
"මහත්තයා...."
"ම්ම්ම්..."
"මා එක්ක තාම තරහද?"
විහස් ඇහුවේ මූණ බිමට බරකරගෙන වෙනකොට ඒ එකට පැටලිලා උකුළ උඩ තිබ්බ ඇඟිලි තුඩු දිගේ බිම බලාගෙනම වදින ඇස් පිල්ලම් වෙනකම් මගේ ඇස් යා උනා හරි ඉක්මනට
"මං..? ඇයි මං තරහා...?"
"මම මහත්තයට කියපු ඒවට... මට සමාවෙන්න"
"ඒකට කමක් නෑ දරුවෝ... මම දැන් ඒවා ඔක්කොම අමතක කරලා දාලා ගොඩක් කල්"
"මාවත්?"
"ආහ්?"
"මාවත් අමතක කලාද...?"
YOU ARE READING
නෙළුම් විල
Non-Fictionසියක් රත් පද්ම මැද මම එක් සුදු නෙළුමක්ම පැතුවෙමි..... •සිංහල • Non- fanfiction •BL