විසිහත්වන පරිච්ඡේදය

347 42 1
                                    

"හෙලෝ... කවුද මේ..?"

"මහත්තයා.... මේ මම..."

"චූටි ඔයා...?"

"හ්ම්ම්... මහත්තයා තාම නිදි නැද්ද?"

මම හිතුවේ මට නිදි විකාරෙන් විහස්ව ඇහෙනවා කියලා....  මම නැගිටලා ඇඳ විට්ටමට හේත්තු වුනේ ඒ විහස් කියලා තේරුණ විගසම...

"මොකද රෑ ඇහැරන් කරන්නේ..... නෙතුම්ගේ නම්බර් එක නෙවේ නේ මේ... "

"මේ අපේ අම්මගේ ෆෝන් එක... මම කෝල් කලේ මහත්තයා ආපහු ගමට එන්නේ කවද්ද අහන්න"

"ඇයි..? මං නැතුව පාළුද? මට නම් ඔයා නැතුව ගොඩාක් පාලුයි... "

මම කටහඬ වෙනස් කරලා වගේ ටිකක් සරාගී විදියට ඇහුවා විහස් මොකද කියන්නේ කියලා බලන්න...

"එහෙම එකක් නෙවේ... මහත්තයා යනකොට ගිහින් තියෙන්නේ ගෙවල් දොරවල් ඇරලා දාලා.... මමයි ගිහින් වැහුවේ චන්ද්‍රා නැන්දාගෙන් අනික් යතුර ඉල්ලන් ගිහින්..."

"පිස්සු මම හොදට දොරවල් වහලා ආවේ..."

මට හොඳටම විශ්වාසයි මම දොර වහලා ආවා කියන්න... විහස් මේ මොන දොරක් ගැනද කියවන්නේ

"දොරවල් විතරක්  වැහුවාම මදෑ.... ජනේල් ඔක්කොම ඇරලා දාලා ගිහින් ඇතුළේ තිබුණ පොත් වගේකුත් තෙමිලා තිබුණා වැස්සට"

"ජනෙල් වැහුවද කියලා මතක නෑ ඉතින්... කමක් නෑ ඔයා ඉන්නවනේ"

"නෑ...නෑ... මම නෑ.. මහත්තයා ඇවිල්ලා මොනාහරි කරගන්න"

"මාව ආපහු ගෙන්න ගන්න කුමන්ත්‍රණ දියත් කරනවද ඔය චූටි මහත්තයා"

"වැඩේමයි මට ආපහු ගෙන්න ගන්න...."

"වැඩැක් නැතුව තියෙයි... නො කිව්වට මං දන්නවා මං නැතුව පාලුයි කියලා"

"මං ගත්තේ දෙකක් බයින්න හිතාගෙන දැන් බැන්නනේ මම තියනවා... බුදුසරණයි "

"ඇයි දෙකක්... බයින්නකෝ දහයක් විතර මට තව ටිකක් අහන් ඉන්න... මං ලඟ නැති නිසා කටට පණ ගහලා... ලඟ හිටියා නම් නේ..."

"ඇයි මහත්තයා මොනා කරන්නද ලඟ හිටියොත්"

"ඉඹිනවා එහෙනම්.."

මම තොල් පට හපාගෙන හිනාව නවත්තගෙන කියද්දි මට විහස්ගේ රතු වුන මූණ මැවිලා පෙණුනා... දැන් ලැජ්ජාවේ ඇඹරි ඇඹරි ඇති..... ඇති වුන නිහඬතාවෙන්ම මට ඒක කිව්වැහැකි....

නෙළුම් විල Where stories live. Discover now