දාසයවන පරිච්ඡේදය

340 48 12
                                    

මේ ගෙව්න මාසෙ පුරාවටම විහස් මාව දැක්ක දැක්ක තැන මාව මඟ ඇරලා ගියා මිසක් මාත් එක්ක එක වචනයක්වත් කතා කරන්න එයා වද වුනේ නැහැ...මං කොහොමද එයාට මේ දේවල් තේරුම් කරලා දෙන්නේ.....

නෙතුම් පවා හිටියේ මේ වෙන දේවල් එක්ක ටිකක් සැකයෙන් වගේ.... ඌ මගෙන් කීප වතාවක්ම අමුතු ප්‍රශණ එහෙම ඇහුවත් මම ඒවා හරි ලේසියෙන් මඟ ඇරලා දාලා යන්න ගියා... ඌට ගොඩක්ම ප්‍රශ්ණේ උනේ මම වෙනදා වගේ ගෙදරින් එළියට බැහැලා උන් එක්ක වැඩිය කතාවට එන්නේ නැති එක වෙන්න ඇති.....

මම ගෙදරින් එළියට බහින්නේ නැතුව ගේ අස්සටම වෙලා ඉන්නේ විහස්ට තියන බයකටවත් එයාට මුහුණ දෙන්න තිබුණු බයකටවත් නෙවේ.... ඇත්තටම විහස් මට කොච්චර අකමැති වුනත් මම කැමතියි තාමත් ඒ මූණ මගෙ ඉස්සරහට හම්බෙනවට ඒත් ඒ මං ආසම හිනාව තියන මූණින් මිසක් මාව දකිනකොටම අඳුරු කරගන්න මූණකින් නෙවේ.....

මට එයාව දකින්න කොච්චර ඕනේ වුනත් විහස්ට මාව දැක්කාම දවසම මූසලයි වගේ දැනෙනවා ඇති.... ඒක නිසා මම විහස්ගේ ඉස්සරහට යන වාර ගාන හිතා මතාම අඩු කලා.... ඒත් හැමදාම වගේ නෙතුම් එක්ක විදුහල්පති තුමාගේ ගෙදර ඉස්සරහා ඉඳන් විකාර කරන විහස් දිහා මම කාටත් හොරෙන්ම කාමරේ ජනෙල් උළුඅස්සට හේත්තු වෙලා හිනා වෙවී බලාගෙන හිටියයි කියලා දන්නේ මම ම විතරයි....

අදත් ඒ වගේ දවසක්..... මං දන්නවා මේ වෙලාවට විහස් අනිවාරෙන්ම ඉන්නේ විදුහල්පතිතුමාගේ ගෙදර කියන්න.....

මේ ගෙවෙන්නේ වැස්ස දවස් නිසා හවසට නුවර එළිය වගේ ගම පුදුම සීතලයි.... මම කෝපි කෝප්පයක් හදාගෙන වහින සීතලේම ජනේලේ ඇරගෙන ඒ ගාවින් පුටුවක් තියාගෙන ඉඳ ගත්තේ විදුහල්පති තුමාගේ ගෙදර පේන විදිහට....
හවසට පොඩි උන්  කාටුන් බලන්න ටීවී එක ඉස්සරහට යනවා වගේ මාත් මගේ සුපුරුදු වෙලාවට විහස්ව බලන්න වෙලාවට කලාවට ජනේලේ ඉස්සරහින් තියලා තිබුණු පුටුවේ වාඩි වීගෙන සිටියෙමි....

ඇඳගෙන හිටපු නිල් පාට සරමත් කෙටි කරගෙන පුටුවෙන් ඉඳගෙන මම ඔහේ එළිය බලාගෙන සිටියෙමි. විහස් එළියට ඇවිල්ලා නැති වුනත් මම ගොඩක් වෙලා බලාගෙන හිටියේ ඔහුව බලාපොරොත්තුවෙන්.....

නෙළුම් විල Where stories live. Discover now