අටවන පරිච්ඡේදය

397 57 1
                                    

දෙන්න එක්ක දුවලා හති වැටුනාම ආයිමත් ඇවිත් ඇඳට වැටුනේ පිස්සු බල්ලෝ දෙන්නෙක් වගේ කොණ්ඩත් අවුල් කරගෙන. විහස්ට දාඩිය දාලා කම්මුල් රතු වෙලා තිබුණා මිරිකලා දාන්න හිතෙන තරමට ම ඒවා හරි මෙලෙක් පාටයි.

එතකොටත් වෙලාව හතට විතර ඇති හැම තැනම කරුවල වෙලා රැහැයියෝ කෑගහන සද්දෙත් ඇහුණා. මෙහෙ අය හත අට වෙන කොට නින්දට වැටෙන නිසා අට පහු වෙනකොට එක ගෙදරකවත් හූම්ම් සද්දයක් නැති තරමට හරිම නිහඬයි. එච්චර භූත වට පිටාවකුයි ගෙදරටම තිබ්බ ලා එළියක් විහිදුවන කහපාට බල්බ් එළියක් තියාගෙන මුන් දෙන්නා ලෑස්ති උනේ හොල්මන් කතා කියලා නයිටක් අදින්න.

නෙළුම් විල ගාවදි පණ බයේ විහස් එක්ක රණ්ඩු කරපු නෙතුමට දැන් බයක් කියලා එකක් ගෑවිලාවත් නෑ. ඒ මදිවට නෙතුමව බය කරපු එකා එකසිය ගාණට බය වෙලා ඇඳ රෙද්දත් අතට ගුලිකරගෙන උන්නේ පිළිමයක් වගේ හෙල්ලෙන්නෙවත් නැතුව. මට හිනායිත් එක්ක. නෙතුම් නම් තනිකරම විහස්ව බයිටට ගන්න හිතාගෙනම අංඟ චලන එහෙමත් දාලා එයා දිහාම බලන් කතාව කිව්වා.

මම බිමට දාලා තිබුණු ලොකු මෙට්ටේ වම් කෙලවරේ එරමිණියා ගොතාගෙන නෙතුම්ගේ හොල්මන් කතාව අහන් ඉන්නකොට නෙතුම් හිටියේ ඊට එහා කෙළවරේ ඉඳගෙන බිත්තියට හේත්තු වෙලා අත් වලින් හැඩ මවලා එයාගේ සුරංඟනා කතාව රසවත් විදියට ශ්‍රාවකයාට ඉදිර්පත් කරන්න පට්ට ගේමක් දෙන ගමන්....

ඒ අතරේ අපේ මැද්දට වෙලා අපි දෙන්නගේ මූණ ඉදිරියේ එරමිණියා ගොතාගෙන කොට්ටෙකුත් බදාගෙන බයවෙලා ඇස් බෝල කරන් හිටියේ විහස්.

අපි මෙට්ටේ උඩ ඉඳගෙන හිටියේ ත්‍රිකෝණයක් හැඩේට. මට සීයට දෙදහක විශ්වාසෙන් කිව්වැහැකි අපි තුන්දෙනාගෙන් වැඩි පුරම බයවෙලා හිටියේ විහස් කියලා.

නෙතුමගේ තියන බලු කමට ඒ අහිංසකයව එතනින් තනියම වාඩි කෙරෙව්වේ හිතලමයි. විහස් කතාව අහන ගමන් ඇස් කොණෙන් වට පිට බලලා පිටි පස්සේ ජනේලේ දිහත් බයෙන් වගේ බැලුවේ එයා කිව්ව කතාවක් එයාටම මතක් උන නිසා වෙන්න ඇති.

"ඊට පස්සේ බං.. කුස්සියෙන් අමුතු සද්දයක් ආව හරිද... කෙල්ල ඒ පැත්තට ගියාලු... ඒ උනාට එතන කවුරුත් හිටියෙත් නෑලු.. වතුර පුරවලා තිබුණු බෙලෙක් කෝප්පයක් එකපාරට ඩෝන් ගාලා..."

නෙළුම් විල Where stories live. Discover now