විසිහතරවන පරිච්ඡේදය

357 46 1
                                    

මම නාගෙන එනකනුත් විහස් ගෙදරට වෙලා ඉඳගෙන මගේ පොත් ගොඩේ තිබුණු පොතක් හොයාගෙන කියව කියව ඉන්නවා දැකලා මාව ගැස්සිලා ගියා.... කවුද හිතුවේ මෙච්චර වෙලා ගෙදර ඉඳී කියලා එහෙනම් මම ඇඳුමක් දාගෙනම එනවනේ....

මගේ ඇඟේ රෙද්දකට කියලා දේකට තිබ්බේ ඉන වටේ එතුන තුවාය විතරයි... මාව දැක්ක ගමන් විහස්ගෙත් ඇස් ලොකු වෙලා ඒ ක්ෂණිකයෙන්ම ආපහු මූණ පොතට ඔබා ගනිද්දි මම ඉක්මනට ඇඳුම් ගොඩෙන් ඇදලා ගත්ත දම්පාට සරමකුත් ඔළුවෙන් දාගෙන කහ පාට කමිසෙකුත් දාගත්තෙමි....

"ඔයා ගියේ නැද්ද...?"

"චන්ද්‍රා නැන්දා කිව්වා පිඟාන ආපහු අරන් එන්න කියලා..."

පුදුමයි... චන්ද්‍රා නැන්දා කවදාවත් එහෙම කියලා නැහැ... පොතට මූණ ඔබාගෙන හිටපු විහස්ගේ නළලට මම අතක් තැබුවෙමි... විහස් උඩින් තිබුණු මගේ මූණ දිහා බැළුවේ ඇසුත් බෝල කරගෙන... මම ඉක්මනින් අත ගත්තෙමි.... උණ නම් කිව්වා වගේම ටිකක් අඩුයි...

"ඔය මොකද..? කොණ්ඩේ හරියට පිහාදාගන්නකෝ මහත්තයෝ... පොතටත් එක්ක වතුර වැටෙනවා..."

"කෑවද?... දවල්ට බෙහෙත් බීලද ඉන්නේ?"

"කාලා බෙහෙතුත් බීලා ඉන්නේ..."

ඉන්පස්සේ මම වාඩි වෙලා කන්න ගත්තෙමි.. විහස් පොත තිබ්බ තැනින්ම තියලා ගියේය... ටික වෙලාවකින් මට දැණුනා තුවායකින් මගේ තෙත කොණ්ඩේ පිහදෙනවා වගේ... මම ඔළුව උස්සලා බලනකොට මගේ පිටි පස්සට වෙලා විහස් මගේ කොණ්ඩේ පිහිදන ගමන් සිටියේය....

"කෝ ඉතින්... ඔළුව කෙලින් තියාගන්න පොඩ්ඩක්.... කොණ්ඩේ පිහදාලා ඉවර වුනාම කන්න.."

විහස් මගේ ඔළුව අත් දෙකෙන්ම අල්ලලා පොඩ්ඩක් හොලවන ගමන් කිව්වේ හරියට මගේ අම්මා සැර කරනකොට වගේ...

මගේ ඔළුවේ එහා මෙහේ යන විහස්ගේ චූටි අතක් මම මගේ හැඩි දැඩි අතකට අහු කර ගත්තෙමි... මම තුවාය අරගෙන පුටුව උඩට විසික් කරලා විහස්ව මගේ ඉස්සරහට ගත්තෙමි...

"චූටි.... මට ඔයාගෙන් දෙයක් දැන ගන්න ඕනේ..."

මම කියූ විට විහස් මගේ දෑස් දෙස කෙලින් බැලුවේය....

නෙළුම් විල Where stories live. Discover now