හතරවන පරිච්ඡේදය

505 56 12
                                    

වතුර නිසා බොඳ වෙලා පෙණුනු විහස්ව දැක්කා ම මගේ හදවතේ රිද්ම රටාව වෙනස් වෙලා එක දිගට වේගයෙන් ගැහෙන්න පටන් ගත්ත නිසා මා හිටිය අයුරෙන් ම ඔහු දෙස බලා ඉඳියේ දිය පාර මැද ගල් පිළිමයක් හිටවලා වගේ.

විහස් මා දිහා බලලා කොණකට වෙන්න තිබුණු ගල ගාවින් ඉඳගත්තා. එයත් නාන්න වෙන්න ඇති මයෙ හිතේ ඇවිත් තියෙන්නේ. උඩු කය නිරුවත්ව හිටියත් කර වටා දමාගෙන සිටි තුවාය නිසා ඇඟ වැහිලා තිබුනු එක මට සැනසුමක් ගෙනාවා.

ඔහු රෙදි වගයක් අරගෙන ගල උඩ තියාගෙන හෝදන්න ගත්තේ කිසිම කතාවක් නැතිව. මට කතා කරන්න හිතුණත් කතා කරන්න තරම් දෙයක් ඔළුවට නො ආව නිසා මම නිහඬව ම ඔහුට නොදැනෙන්න ඔහු දෙස බලාගෙන හිටියා.

සබන් ගාන්න ඕනේ නිසා මට විහස් රෙදි හෝදන ගල ගාවට යන්න උනේ මගේ බාල්දිය එතන තිබුණු නිසා. බාල්දියෙන් සබන් කෑල්ල ගන්න නැවුනත් ඒකේ ඇතුළේ මට හෝදන්න තිබුණු මගේ කිලිටි රෙදි ටික නැති වග තේරෙද්දි මම විහස් දිහා බැලුවත් ඔහු කිසිම සද්දයක් නැතුව මම ආවද කියලා ගාණක්වත් නැතුව ඔහුගේ වැඩේ කරන ගමන් හිටියා.

එතකොට තමා මම දැක්කේ ඔහු මගේ ඇඳුම් වලින් බාගෙට භාගයක්ම හෝදලා කියලා. තව එයාට හෝදන්න තිබ්බෙත් ඇඳුම් දෙක තුනක් නිසා මං මුකුත් නොකියම සබන් කෑල්ලත් අරගෙන ආපහු හැරුණා. 'ඔව්වා ඉතින් කරලා පුරුදු වෙන්නත් එපැයි' මගේ හිත එහෙම කියනකොට මගේ කටකොණේ ඇති උන හිනාව මට ම නවත්ත ගන්න බැරි වුණා.

මම සබන් ගාන පරක්කුවට ඔහු රෙදි ටික හෝදලා ඉවර වෙලා වතුරට බැහැලා නාන්නත් පටන් අරගෙන.
ඒ සිනිඳු කොණ්ඩේ වතුරට තෙමිලා සුදු බෝල කම්මුල් පෙඟවිලා ගිහින්  වතුරේ සීතලට රෝස පාට වෙලා තියනවා දකිද්දි මට ඒවා හපලා බලන්න කියලා හිත වද කලා.

විහස්ගේ කොණ්ඩෙන් ගලන වතුර බිංදු මූණ දිගේ ඇවිත් උරිස්ස දිගේ පහළට බේරිලා වතුරට එකතු උනේ මම බලා ඉඳිද්දිමයි.  විහස්ගේ ඇඟ දිගේ පල්ලම් බහින වතුර බිංදු ඔහුගේ සිනිඳු පාට කම්මුල් , බෝල රෝස පාට තොල් , බෙල්ල මුල තිබුණු වශීකරවන උපන් ලපය ගාව ඕනවටත් වැඩියෙන් දැවටෙනවා දකිද්දි මට ඒ වතුර බිංදු එක්කත් ඇති උනේ ඊර්ෂ්‍යාවක්..

නෙළුම් විල Where stories live. Discover now