විසිහයවන පරිච්ඡේදය

387 38 5
                                    

මම නාගෙන ආපහු එනකොට පහළ තට්ටුවේ එක කාලගොට්ටියයි කාමරේට ඇහෙනවා සද්දේ... මම බැල්කනියට ගිහින් අත් වැටෙන් පහළ බලුවා. නවත්තලා තිබුණ වාහන ටික දැක්කාම හිතා ගන්න පුළුවන් වුනා සද්දෙට හේතුව.

හැන්ඳෑව හයටත් කිට්ටු වෙලා තිබුණ නිසා තාත්තයි අක්කගේ මහත්තයා බිනර අයියයි මගේ යාළුවෝ තුන් දෙනයිත් ඇවිල්ලා කියලා දැන ගත්තාම මම තුවාය පුටුව උඩට විසික් කරලා දාලා ඔක්කොටම කලින් හිතට සැනසීමක් ගෙනත් දෙන්න ඕන නිසා නෙතුම්ට කෝල් එකක් අර ගත්තා.... රින්ග්ස් දෙක තුනක් යද්දිම කෝල් එක ආන්සර් වුන නිසා මගේ උනන්දුව තවත් වැඩි වුනා...

"ආහ්... කොහොමද... පරිස්සමෙන් ගෙදර ගියාද?"

"ඔව් බන්..... මේ... ඉතින් ඔහෙ මොකෝ වෙන්නේ..."

"හා හා.... නිකන් ඇඹරෙන්නෙ නැතුව අදාල පුද්ගලයා ගැන විමසුව නම් ඉවරනේ... ඉඳා ඉඳා... විහස් ඉන්නවා මෙතන කට අයාගෙන බලන්...
(මට ද.... )
ඔව් ඔව්... කතා කරපං උඹට කතාකරන්නේ අයේශ් අයියා..."

ඔය වගේ වචන කීපයකට පස්සේ ෆෝන් එක හුවමාරු වෙනවා වගේ ඇහුනත් සද්දයක්වත් නොවුනකොට මම ආයෙම කතා කලෙමි...

"හෙලෝ.. විහස්..."

"හෙලෝ"

ඒ විහස්ගේ හීනි කටහඬ අවුරුදු ගානකින් අහුනා වගේ මට ඒ පැය ගානටත් මතක් වුන මතක් විල්ල මමනේ දන්නේ... මෙහෙම කෝල් කරද්දි ආයෙම ගමට පියාඹලා ගිහින් ඉඹලා එන්න හිතෙනවා ඒ සුදු පාට කම්මුල් රෝස පාට වෙනකම්ම.... මගේ හුරතලේ

"මහත්තයා පරිස්සමට ගෙදර ගියා නේද?"

"හ්ම්... ඔව්..."

වචන දෙක තුනකට වඩා හුවමාරු නොවිච්ච ඒ දුරකථන ඇමතුමේ විනාඩි ගාන ගෙවිලා ගියේ අපි දෙන්නගේ පෙම් පාටට තාල අල්ලන හුස්ම සද්දෙන්.... මම මොකුත් නොකියා ඒ සද්දෙට ඇහුන්කන් දීගෙනම හිටියා.....

"සුදු පුතා.... පහළට එන්න... ඔයාගේ යාළුවොත් ඇවිල්ලා..."

අම්මා පහළ ඉඳන් කෑගහද්දි මට ලෝභ හිතුනා විහස්ව දාලා පහළට යන්න...

"චූටි.... ඔයා කෑවා නේද?"

"ඔව්... මහත්තයා තාම කෑවේ නැද්ද?"

නෙළුම් විල Where stories live. Discover now