දහවන පරිච්ඡේදය

427 53 7
                                    

"මහත්තයා....."

"ම්ම්ම්...."
මම විහස්ගේ පැත්තට හැරිලා ඔහු දිහා බැලුවෙමි.

"සමාවෙන්න... මම මහත්තයගේ නින්දත් කැඩුව නේද?...."
අනේහ් මගේ පපුව හෝස් ගාලා ගියා... පව් අහිංසකයා. මට එක මොහොතක් උඹට ලං වෙන්න ඉඩ දුන්නොත් මම ඒ තත්පරේම ඔය අහිංසක ඇස් වල ඇති වෙනකන් හාදු තියනවා.

'සමාව ඉල්ලන්න ඕනේ නෑ රත්තරනේ... ඔයා නිසා නම් මට ඕන තරම් වෙලා නිදි නැතුව හිටියැහිකි' මට එහෙම කියන්න හිතුණත් මම ඔහුගේ කොණ්ඩේ ඇඟිලි තුඩු වලින් අවුල් කලේ "මෝඩ කතා නොකියා දැන් නිදා ගන්න..." කියමින්.

විහස්ගේ අහිංසක හුරතල් ඇස් සැරෙන් සැරේට මතක් වෙද්දි ඒ අතරින්ම නින්ද ගියේ කොහොමද කියලා මට තේරුණේවත් නෑ. යන්තන් මූණට ඉර එළිය වැටුණාමත් මම ඇස් දෙක අරින්නවත් වද නොවී එහා පැත්තේ තිබුණු කොට්ටේ හොඳට තුරුළු කරගෙන තවත් හොඳට නිදාගත්තා.

"ඕයි... නිදි කුම්බරයෝ දෙන්නා නැගිටපන්... පුකට ඉර එළිය වැටෙනකන්ම නිදාගෙන ඉන්නේ.... තව ගෑනියි මිනිහයි වගේ බදාගෙනත් එක්ක.... "

නෙතුම්ගේ කටහඬ හීනෙන් වගේ ඇහෙද්දි ඌට බම්බු ගහන්න කියලා මම ඇහුන්නෑ වගේ තව ටිකක් වෙලා නිදියන්න හිතුවත්....

'බදාගෙන.....?? ගෑනියි මිනිහයි...??'
මගේ හිත ආයිම මට කිව්වාම මම ඒ ක්ෂණිකව ඇස් ඇරලා බැලුවාම මගේ කටේ කෙලත් හිඳුනා.

දෙයියනේහ්.. !!

මම මුළු රෑම විහස්ව බදාගෙනද එතකොට නිදාගෙන ඉඳලා තියෙන්නේ.. ඒ මොනා උනත් කොල්ලත් මගේ ඉණ වටේ අතක් ඔතාගෙන හොඳට පපුවට තුරුල් වෙලා නිදාගෙන හිටියා. මගේ දැඟලිල්ලටමද කොහෙද මෙච්චර වෙලා සුව නින්දේ හිටපු ඔහු ඇස් කසන ගමන් එහෙට මෙහෙට ඇඹරෙන කොට මට ලෝබ හිතුණා.

විහස්ගේ ඇස් ආලෝකයට හුරු උන තත්පරේම ඔහුගේ ඇස් ගැස්සෙන විදිහ මම දැක්කා. ඔහු කලබලෙන් කාමරේ හිටපු නෙතුම් දිහත් බලාගෙන නැගිටලා මෙට්ටේ උඩ එරමිණියා ගොතාගෙන ඉඳගනිද්දි මමත් එහෙම්මම නැගිටලා බිත්තියට හේත්තු වෙලා ඉඳගත්තෙමි.

"ඇති යන්තන් නැගිට්ටා... උඹලා දෙන්නා මට හොරෙන් ඊයේ මඟ නවත්තපු නයිට ඇද්දද ඔච්චර මතේ ඉන්නේ" නෙතුම් කීවේය.

නෙළුම් විල Where stories live. Discover now