දාහත්වන පරිච්ඡේදය

348 48 6
                                    

උදේ දහය පමණ වෙනවත් එක්කම මම සසිනිගේ ගෙදර බලා පිටත් වූයෙමි. ගමේ ලඟ පාත හිටපු හැම කෙනාම වගේ දානේ වැඩ වලට උදව්වට ඇවිත් සිටියා... මටයි කියලා ලොකූ වැඩක් කරන්න නොතිබුණ නිසා මම ගෙදර ඉදිරිපිට සිටි සසිනි සමඟ සිනහා වී පසෙකට වී සිටියෙමි.

මාව දුටු ගමන්ම වගේ ඇය මට තේ කෝප්පයක් සංග්‍රහ කර ඉඳ ගැනීමට පුටුවක්ද දී ගේ ඇතුළට ගියා.

"දැන් අපි එක්ක කතාවක් නෑනේ..."

මම බලා පොරොත්තු නොවුනු කටහඬක් එක පාරට එහා පැත්තෙන් ඇහෙද්දි මම හැරී බලන විට මගේ එහා පැත්තෙන් හිටගෙන සිටියේ වෙන කවුරුත් නෙවේ නෙතුම්....

"ආහ් නෙතුම්..."

"මොකෝ... දැන් කතාවක් නැත්තේ... අයියා අපි එක්ක තරහා වෙලාද..?"

"අනේ නෑ බං... මං මොකට තරහා වෙන්නද... උඹල තරහා වුනොත් තමා..."
අන්තිම ටික විශේෂ කරලා වගේ නෙතුම්ගේ එහා පැත්තෙන් හිටගෙන වෙනපැත්තක් බලාන ඉඳපු විහස්ටත් ඇහෙන්න කියූ විට ඔහු මා දෙස බැලුවේය.

"අර මොකටද අපි තරහා වෙන්නේ.... නැද්ද බං...."

නෙතුම් ඒ පාර විහස්ට වැලමිටෙන් අයින ගමන් ඇසුවේය... විහස් මුකුත් නොකියා ඔහේ හිටියේ මට රිද්දන්න වගේ... මට අමුතුවෙන් රිද්දන්න ඕන්නෑ මැණික.... මේ හිත ඕනවටත් වඩා රිදිලම තෙම්පරාදු වෙලා දැන්.....

"ඉලන්දාරියෝ ටික.... පොඩි වැඩක් කරන්න තියනවා..."
එක පාරටම ඇහුණු මැදිවයසේ කෙනෙකුගේ කටහඬක් නිසා අපි අතර වුන සංවාදය නැවතුනි.

"මොකද්ද...මාමේ..."නෙතුම් ඇසුවේය.

"ටවුන් එකට ගිහින් මේ පලතුරු ටික අරන් එන්න ඕනේ යන්න කෙනෙක් නෑ... වැඩ ගොඩ ගැහිලා කොල්ලෝ..... තව අපේ සසිනිට අර භාජන ටික එක්කහු කරන්නත් කවුරුහරි උදව් වෙන්නෝනේ...." මාමා සුදු පාට කඩ දහියක ලියූ පලතුරු ලිස්ට් එකක් පෙන්වමින් කීවා.

"ආහ් අපේ ඉස්කෝල මහත්තයට පලතුරු ගේන්න ගියැහැකි... බයිසිකලෙත් තියනවා නේ... මං පොඩ්ඩිට උදව් කරන්නම්..." නෙතුම් පැනපු ගමන් කීවේය...

"මට තේරෙන්නෑ පලතුරු තෝරන්න...." මම කීවෙමි... ඇත්තටම මම හදිස්සියකට අම්මටවත් කඩේ ගිහින් නැති තරම්...

නෙළුම් විල Where stories live. Discover now