හත්වන පරිච්ඡේදය

404 57 1
                                    

"කෝ ඕක දෙන්න... මහත්තයා දැන් අත කපාගෙන තමා නවතින්නේ"

මගේ අතේ තිබුණු අඹ ගෙඩිය ගත්ත විහස් පිහිය දෙපාරට ගසලා දාලා අඹගෙඩිය තත්පරේට කපලා දාද්දි මම බලාගෙන ඉඳියේ පුදුම වෙලා.

කොහොම හරි නෙතුම් බාජනේකුත් අරගෙන ඇවිත් කපපු අඹ ටික ඒකට දැම්මාම විහස් මිරිස් , ලුණු තව එක එක එව්වා දාලා ඒක කලවන් කර දිහා නෙතුමුයි මමයි බලාගෙන හිටියා. මොනා උනත් විහස්ට හොඳට උයන්න පුළුවන් අපි හිතන තත්පරේට කොල්ලා ඒක කරලා ඉවරයි.

"අපි මේකත් අරගෙන විලට යමු" නෙතුම් සැර පාටට තිබ්බ අච්චාරු එක දිහා බලන් කියද්දි මමත් ඒ අදහසට එකඟ උනේ එතන හරිම නිදහස් තැනක් උන නිසා. ගෙදර ඉඳන් විල ලඟට එච්චර දුරක් නොතිබ්බ නිසා අපිට එතනට යන එක ගානක් උනේ නෑ.

අපි විල ලඟට ගිහිල්ලා ඒ ලඟ තිබ්බ ගල් තැනි තලාව උඩින් ඉඳගෙන අච්චාරු එක මැද්දෙන් තියලා කන්න ගත්තා. ඒ අතර තුර කතා කරපු දේවල් වලින් මම දැනගත්තා නෙතුම් කියන්නේ විහස්ගේ හොඳම යාළුව වගේම විදුහල්පතිගේ පුතා වෙන්නෙත් නෙතුම් කියලා.

එතකොට ගොඩක් වෙලාවට විහස් විදුහල්පතිගේ ගෙදර ඉන්නෙත් නෙතුම් නිසා වෙන්න ඇති. ගුණපාල මාමත් හැමෝටම තමන්ගෙම දරුවෙක්ට වගේ ආදරෙයි කියලා මම නොදන්නව නෙවේනේ. ගමට අලුත් උන මගෙනුත් හැමදාම කෑවද බිව්වද කියලා අහන්නෙ ඒ මනුස්සයා.

අපි අච්චාරු එකේ භාගයක් කාලා ඉවර වෙනකොට ඒකේ සැරටම අපේ කටවල් දන්න ගත්තා. විහස්ගේ බෝල තොල් පෙති රතු ගැහිලා ලේ පිරිලා තිබුණේ...... මොන දේ කතා කලත් අන්තිමේ මම හැමතිස්සෙම නැවතුනේ විහස් ගාව. කොල්ලා වචනයක් වත් කතා නොකරට අපි එක්ක හිනා වෙවී සේරම අහගෙන හිටියා. මම ඒ කතා කරන ඇස් කාටත් හොරෙන්ම වින්ඳා.

"අපේ අප්පච්චි හෙට කොහෙද යනවලු"

"ඒ කොහෙද?" විහස් ඇහුවා.

"අනේ මන්දා.. අම්මත් අප්පච්චි එක්ක යනවා කිව්වා... මොකක් හරි වැදගත් වැඩක් මයෙ හිතේ එන්නෙත් සතියකින් ලු. මට තනියම ඉන්න වෙන්නෙ ඕයි.." නෙතුම් අඬන්න ඔන්න මෙන්න මූණ බෙරි කරන් කියද්දි විහස් හිනා උනා.

නෙළුම් විල Where stories live. Discover now