මම හදිස්සියේම විදුහස්පති නිවස බලා ගියේ ගුණපාල මාමා මට එන්නයි කියලා කීව නිසා... කිව්වේ නම් වැදගත් කාරණාවක් කතා කරන්න තියනවා කියලා ඉතින් මම උදේම ගියා.
මම යනකොටත් ගුණපාල මාමා ගෙදර ඉස්සරහා ඉස්තෝප්පු කෑල්ලේ හාන්සි පුටුවේ වාඩි වීගෙන උදේ තේක බොන ගමන් සිටියේය."මාමේ...." ඉස්කෝලෙදි සර් කියලා කතා කලත් ගොඩක් වෙලාවට පිටතදි මම කතාකලේම 'මාමා කියලා... ඉතින් මම ඒකේ වෙනසක් නොකරම ගුණපාල මාමට කතා කරද්දි ඔහු මාව දුටුවේය.
"ආහ් මේ අයේශ් පුතානේ.... එන්න එන්න... මෙහෙන් ඉඳගන්න...."
ගුණපාල මාමා කියූ විට මා ඔහුගේ එහා පසින් තිබුණු පුටුවකින් වාඩි වුනෙමි...
"මාමා ඊයේ ඉස්කෝලෙදි වැදගත් දෙයක් කතාකරන්න තියනවා කිව්වේ?"
"ආහ්... මං අයේශ් කිව්ව වැඩේ පොඩ්ඩක් හොයලා බැලුවා... ඊට කලින් අපි තේ එකක් බීලම කතා කරමුනේ...... චන්ද්රා.... මේ අයේශ් පුතාට තේ කෝප්පයක් ගෙනත් දුන්නා නම්..."
ගුණපාලා මාමා මේ කියන්නේ එදා ඉස්කෝලෙදි මම හදිස්සියේ ගිහින් කතා කරගත්ත දේ ගැන වෙන්න ඇති...
"මං කිව්වනේ අයේශ්ට මුලදිම... මෙව්වගේ වැඩ කරන්න හරි අමාරුයි... අපිට හුරු අපි මේ ගමේම හිටපු හින්ඳා... ඔය ළමයි කොළඹ සැපට හැදිලා මෙහෙ ඉන්න ගියාම පිස්සු හැදෙනවානේ...."
"එහෙම නෙවේ මාමා.... මම තාමත් ආසයි ගමේ ඉන්න... කොළඹට වඩා ගම හොඳයි... දුෂ්කරයි තමා... හැබැයි හරි ලස්සනයි..."
"ඒක නම් එක අතකින් ඇත්ත තමා කොළඹට වඩා ගම නිස්කලංකයි.... පුතාට ස්කෝලෙන් අස් වෙන්න ඕනෙම නම් කමක් නෑ.... මගෙන් බලපෑමක් නෑ.."
මේ ඉස්කෝල අස් වෙන සිද්ධිය ගැන මම කතා කරන්න ගත්තේ දැන් ටික දවසකට කලින්... මට ඕනේ වුනා විහස්ව ඉක්මනට අමතක කරලා දාන්න... ඒ වැඩේ මේ ගමේ ඉඳන් විහස්ව මූණටම දැක දැක කරන්න පුළුවන් වැඩක් නොවුන නිසා මගෙ අවසන් තීරණය වුනේ ඉස්කෝල මාරුවක් හෝ ඉස්කෝලෙන් අස්වීම අරගෙන ආපහු කොළඹට යන එක.....
චන්ද්රා නැන්දා ඇවිත් තේ එක අල්ලනකන්ම මම නිහඬවම ඔහු ගේ වචන වලට සවන් දුන්නෙමි...
මම නැන්දට ස්තූති කරන්න හිතාගෙ ඇය දිහාට හැරෙන්න හැදුවත් එතන හිටියේ විහස්....
ඔහුට එහා පැත්තෙන් නෙතුම් ද සිටගෙන සිටියේය.
YOU ARE READING
නෙළුම් විල
Non-Fictionසියක් රත් පද්ම මැද මම එක් සුදු නෙළුමක්ම පැතුවෙමි..... •සිංහල • Non- fanfiction •BL