මම මගේ හිතේ තිව්න දේවල් මට ඕන කෙනා විහස්..... මම ඔහුගේ ඇස් දිහා බලාගෙනම ඒ විදිහට කීවෙමි..... සිමෙන්ති කොට්ටයක් තියලා වගේ ඔළුව උඩ බරට තිබුණු හැඟීම් මම අවසානේ විහස් එක්ක බෙදාගන්න තීරණේ කලේ මොන පිස්සුවකින්ද කියලා මට හිතා ගන්න බැරි වුනා....
පොඩි කාලෙදි අම්මා,මගේ එකම සහෝදරිය පවා මට කිව්වේ මම මහා හිතුවක්කාර කොල්ලෙක් කියලා... මට මොනාද ඕනේ මම ඒ දේ කොහොම හරි අනිවාර්යයෙන්ම ගන්න කෙනෙක්....
කොළඹ පෝසත් විදියට සියලු සැපසම්පත් ඇතුව හිතුවක්කාර කමට හැදිච්ච මට මගේ ආදරේ ගාවදී තවමත් උඩපනින හිතුවක්කාර වැඩ වලට වැට ඉණි බඳලා හිර කරගන්න තරම් මම දැන් පරක්කු වැඩියි....
"කවුද බං ඔය කියන ගෑනු ළමයා..... මං ආදරේ උඹටනේ මැණික..... මං උඹට මහ ගොඩක් ආදරෙයි විහස්......"
මගේ වචන ඒ විදියට කලින්ට වඩා පැහැදිලිව විහස්ගේ කන් වල රැඳුනාම ඔහු මා දිහා බලාගෙන හිටියේ හැඟීම් විරහිත මුහුණකින්......
මම නිහඬවම බලාගෙන හිටියේ විහස්ගේ මූණේ වෙනස් වෙන ඉරියව් දිහා.... මම දන්නවා මට අවස්ථාවක් නැති විත්තිය..... ඒත් මම හරි බොළඳ මෝඩයෙක් ගානට විහස්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වුනා .... ඒක නිසාමයි මම ඉඳගෙන හිටපු තැනින් නැගිටලා යන්න හදපු විහස්ගේ අතින් අවසරයක් නැතුවම අල්ලගන්න පෙළඹුනේ...
ඒ අතකින් අල්ල ගත්ත සැනින් විහස් මාව මැරුවා.... ඒ අයුධයකින්වත් වචනෙන්වත් නෙවේ ඔහුගේ කේන්තිය සහ කලකිරීමත් මුසු වුන දෑස් වලින්.....
"විහස්.... මං කිය..න්න දේ අහන්න...."
මම ඉඳගෙන හිටපු තැනින් නැගිටලා විහස්ගේ ඉස්සරහා හිට ගත්තාම ඔහු ලොකු හුස්මක් උඩට ඇදගෙන අහක බලාගත්තේ මගේ අතට අහු වෙලා තිබුණු ඔහුගේ අත ගලවගන්න උත්සහා කරන ගමන්... මගේ ගොරෝසු අත් අතරට අහු වුන ඒ සිනිඳු මල් පෙති එයාගෙම දැඟලිල්ල නිසා තවත් පොඩි වෙලා රතු ගැහුන එක විතරයි වුනේ...."මගේ අත්...ත අතාරින්න.... මට යන්න ඕනේ..."
"යන්න එපා.... මං කියන දේ පොඩ්ඩක් අහන්න..."
"මොනවා අහන්නද මහත්තයා..... මහත්තයම කිව්වේ කියන්න ඕන දේවල් ඔක්කොම...... මට ඔය විකාර තේරෙන්නෑ...... මට්...ට පාඩුවේ ඉන්න දෙන්න..."
YOU ARE READING
නෙළුම් විල
Non-Fictionසියක් රත් පද්ම මැද මම එක් සුදු නෙළුමක්ම පැතුවෙමි..... •සිංහල • Non- fanfiction •BL