තිස්පස්වන පරිච්ඡේදය

27 5 8
                                    

"ළමයි... එන්න තේ බොන්න..."

විහස්ලගේ අම්මා මිදුලට ඇවිත් ඈත ඉඳන් කතා කරනකොට මායි විහසුයි වත්ත ඔක්කොම සුද්ද බුද්ද කරලා අහවරක් කරලා තිබුණේ... මම ඉතුරු රොඩු ටිකත් පුච්චලම එන්නම් කියලා විහස්ව බලෙන්ම වගේ ගෙට යැව්වා... හවසට මදුරුවෝ එනවනේ උන් කෑවාම පැපොල හැදෙන්න වගේ පලු දාන්නේ ඇඟේ....

"මහත්තයා..... එන්නකෝ..."

"උඹට සිංහල තේරෙන්නැතුවද චූටි.... ගෙට පලයං.... මදුරුවෝ විමානේ...."

විහස් විනාඩි පහක් විතර ගේ අස්සේ ඉඳලා ආපහු වත්තට එද්දි මම පොඩ්ඩක් සැරකෙරුවෙමි.

"මදුරොවො නම් ඔය ඉන්නෙ හැමදාම.... මත්තයත් යන්කෝ ඇතුළට... ඕක හෙට අස් කරතැහැකිනේ.... අර අම්මත් බලන් ඉන්නවා..."

"එතකොට වැඩේ භාගෙටනේ...
චූටි මැණිකෙ යන්ඩකෝ ගෙට... මම එන්නම්...."

කොහෙද මම කිව්වට ගණන් ගන්න එකක් යැ... එහෙට මෙහෙට පැද්දි පැද්දි උඩ පැනන මදුරුවොත් කාගෙන මං ගාවටම වෙලා උන්නා අන්තිම ටිකත් සුද්ද කරලා එනකන්.... ඊට පස්සේ දෙන්නම ගෙට ගොඩ වෙලා අම්මා හදලා දුන්නු ඉඟුරු දාපු තේක බීව්වා.... චූටි දූත් ඇඟිල්ල උර උරා සනීපෙට නිදි හවස හුළඟට...

"මහත්තයා ඇඟ සෝද ගන්නකො.... අම්මා කෑගහනවා අනේ....."

හවස මැස්ස අස්සේ ඉඹගෙන මඩනාගෙන පිස්සු නැටුව වෙලේ මායි විහසුයි දෙන්නම ගැස්සිලා දෙපැත්තට වුන පාර අම්මා කොහෙන්දෝ අහුල ගත්ත කෝටුවකින් විහස්ට තැලුවා හොඳටෝම. වෙන මඟුලකට නෙවේ විහස් මට ඉන්න දෙන්නෑ මඩ වලින් මාව නාවලා කියලා බැන්නත් එක්ක එයාට. හොඳ වෙලාවට අම්මා මුකුත් දැකලා නොතිබ්බේ... එයා හිතලා තියෙන්නෙ අපි සෙල්ලමට රණ්ඩු වෙනවා කියලා.. කොල්ලොනේ...
ඊට පස්සේ මටත් පාරක් දීලා ඇඟ හෝදගන්න අණ කරාම මම ඔක්කොම සුද්ද කරලා ඉවරවෙලා ඉද්දි චූටි අයේම ඇවිත් මට ඇඟහෝදන්න මතක් කලා...

අම්මා උන්නේ කුස්සියට වැදිලා රෑ බත ලිපේ තියන ගමන්.... මම විහස් එක්ක පහළට වෙන්න තිබුණු ලිඳට ගොඩ උනා... ටිකක් කරුවල වැටීගෙන එන නිසා කණාමැදිරියොත් පඳුරු අස්සේ පාවෙනවා පුංචි ලයිට් පත්තු කරලා වගේ..... විහස් ටෝච් එකත් ඉස්සෆහට දික් කරගෙන මාව එක්ක ගියා ළිඳ ගාවට...

නෙළුම් විල Where stories live. Discover now