**කලින් චැපියේ ශියාන් > ආනෙත් විදිහට වෙනස් කරනවා..මට අවුල් වගේ ලියන් යන්න**
.
.
....
..
....මොන මගුලක්ද මෙතන වෙන්නෙ ආහ්...කෝ මගෙ බර්ත්ඩේ කේක් එක..!!
එකම එක හුස්මක්වත් නොවැටෙන තරමෙ නිහඩතාවයක්......ඉහලට ගත්තු හුස්ම පවා පහලට දාන්න අමතක වෙලා යන තරමෙ නිහඩතාවයක්.....ලාබාල උනත් කේන්තිය පිරුනු ඒ කටහඩ ආයතනය පුරා විහිදී යද්දි.....කීබෝඩ් උඩ තිබුනු ඇගිලි පවා එහෙම්මම නතර උනේ සියුම් වෙව්ලීමක් එක්ක.....හැගීම් මූනෙන් නොපෙන්වා ඉන්න කොයිතරම් උත්සහා කලත් කීප දෙනෙක්ගෙම උගුරු ඇට හරි කලබලේට ඉහලට පහලට යද්දි...ඒසි අස්සෙත් කෙනෙක්ට දෙන්නෙක්ට දාඩිය දාලා තිබුනා ...
...බ්...බොස්...කේ..ක් ...
..තමුසෙට ගොතගහන්නෙවත් නැතුව හරියට කතා කරගන්න බැරිද ආ....දන ගහනවා...!!
ඉන්නවා නම් සද්ද නැතුව තමන්ගෙ වැඩක් කරන් ඉන්න ඕන....මොකටද බොරුවට මැදින් පනින්න යන්නෙ....එක වචනයයි..කේක් එක ගැන හේතු දක්වන්න ආව මනුස්සයා ඔෆිස් එක මැදම දන ගහනකොට...තව දුරටත් ආනෙත්ට බැරි උනා ඒ පැත්ත නොබලා ඉන්න...ඊටත් වඩා ආපු ගමන්ම තමන්ගෙම සේවකයෙක් දන ගස්සපු නවක ආයතන ප්රධානීතුමාගේ තුමාගේ මූන මොන වගේද කියලා බලාගන්න...
රොබෝලා ගානට පිටිපස්සෙන් හිටන් හිටිය මිනිස්සුන්ගෙන් එක් කෙනෙක් විතරක් ඉතුරු වෙන්න අනිත් හැමෝම ආපිට හැරිලා යන්න ගියේ අලුත් බොස් ඇගිලි උස්සලා කරපු සංඥාවක් එක්ක..බර අඩි තියලා එයාලා යන්න ගියත් හරි තවමත් අතේ තිබුනු හොකී පිත්ත උස්සන් අලුත් බොස් ඉස්සරහට අඩි තිබ්බෙ දන ගහපු මනුස්සයව ගානකටවත් නොගෙන.....ඒ කොන්ද කෙලින්.....ඒ වගේම දරුවෙක් කියලා හිතන්නවත් බැරි තරමට ගමන ගාම්භීරයි.....තවමත් දැක්කෙ පිටිපස්ස විතරක් උනත් ඒ ඇවිදන් යන රිද්මය දිහා ඇහිපිය නොගලා බලන් ඉන්න හිතෙන තරම්.....තියන තියන බර අඩියක් ගානෙම.....වැඩ කරන සේවකයන්ගෙ හුස්ම ටිකෙන් ටික නොසන්සුන් වෙන හැටි ඕනාවටත් වඩා තේරුණු ආනෙත් නම් දැනුනෙම බයකට වඩා අලුත් බොස්ගේ මූන දැකගන්න කුතුහලයක්.......වැඩ අස්සෙන්ම එයා ඇස් උස්සලා බැලුවෙම ඒ රුපෙ මොනවගේද කියලා දැකගන්න උවමනාවෙන්.....
YOU ARE READING
~BO$$ BAB¥~
Fantasy"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ