..
..
..
..අහ්ම්..
..නැගිටපන් බන් ඔෆිස් යන්නෙ නැද්ද..
..ඔ..ෆිස්..
..ඔව් ඔව් ඔෆිස් තමා...මන් පන දාගෙන උබව හොයනවා උබ මේන් මෙහෙ මුල්ලක් අල්ලන් දපනෙ දාලා ඉන්නවා... මොකද උබට නිදාගන්න කොට්ට මෙට්ට නැද්ද මේක ඇතුලෙ නිදාගත්තේ...දැන්වත් නැගිටලා ලෑස්ති වෙයන් මොකාද වගේ කුනුකෙල පෙරන් ඉන්නෙ නැතුව...
..අ..යියේ..මන්...
..අයියෙ හුයියේ නෙවේ බන්...උබව.හොයන්නම මට පැයක් විතර ගියා..නැගිටලා ඇදගනින් යකෝ...අටට කාලයි වෙලාව..
..මොකක්..!...
මටම හිතාගන්න බෑ මට යෝධබල යෝධ ශක්තියවත් ලැබුනද කියන්න....ඇස් පියවෙන්න ඔන්න මෙන්න තිබ්බ මොහොතෙ මතකෙ තිබ්බෙ ඔරලෝසුවෙ කටුව තුන ගාවට කැරකිලා තිබ්බා කියන එක වෙද්දි...ඇහිපිය ගහලා ඇහිපිය අරින පමාවට උදේ උනේ කොහොමද කියන්න මට අදහාගන්න බැරි උනා..ඒකත් වෙනදට හය හමාරට තියන එලාම් එක අද නෑහුනේ කොහොමද කියන්නත් හිතාගන්න බැරිවෙද්දි..මන් ඉක්මන් කරලා නැගිට්ටේ කැෆේ එක ඇතුලෙම තිබ්බ අනිත් සෝෆා එකෙන්...
ඒත් පොඩ්ඩක් ඉන්න...
නැගිටිනවත් එක්කම ගනකම් රෙද්දක් ඇග දිගේ කකුල් පාමුලට වැටෙද්දි එක මොහොතකට මගෙ ඇස් ඒ ලග නතර උනා...මේක කොහොමද මගෙ ඇගට ආවේ...මේක මන් ගෙනාවේ......දෙයියනේ මේක මන් ගෙනාවෙ එයාටනේ..සීතල අල්ලයි කියලා පෙරෙව්වෙ එයාටනේ...එතකොට ...!...එතකොට ...
මන් ගැස්සිලා ගිහින් බැලුවෙ මට ඉස්සරහින් තිබුනු සෝෆා එක දිහා..ඒක හිස්..!..සෝෆා එක විතරක් නෙවේ කැෆේ එක ඉස්සරහත් සම්පූර්ණයෙන් ම හිස්...!...ඒ කියන්නේ එයා...නොකියම යන්න ගිහින්ද....නොකියම ආව එයා නොකියම කාටත් හොරෙන් යන්න ගිහින්ද...
මටම හිතාගන්න බෑ...මගෙන් පිට උනේ බර හුස්මක්...ඒ එයා නොකියා ගියපු නිසාද...නැත්නම් ඇස් අරිනකොට එයා ඇස් ඉස්සරහා ඉදී කියලා බලාපොරොත්තු උනු නිසාද...ඒත් ඇයි...මොකටද මන් එහෙම හිතන්නේ...සමහර විට එයා යන්න ගියඑකම හොදයි...හිටියා නම්..තවත් එයා මෙතන හිටියා නම් කොහොමද අයියා අහන ප්රශ්නවලට උත්තර දෙන්නේ...ඊටත් වඩා උදේ පාන්දර මිතූ ඇගට කඩාපැන්නොත් එයාට දෙන්න උත්තර මවන්නේ..!
YOU ARE READING
~BO$$ BAB¥~
Fantasy"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ