22 Chp📌️

1.1K 188 121
                                    

..

..

..



පැහැසරා!

ම්ම්...

එයා ගැන කොහොමද කියන්නේ...කොහොමද එයාව විස්වාස කරන්නේ.....

ලස්සනයි..

තමන්ගෙ ගෑනු ලමයට පිහිටන්න ඕන කියලා කොල්ලෙක් බලාපොරොත්තු වෙන හැමදෙයක්ම තිබුනු එයා ඕනාවටත් වඩා ලස්සනයි..

ලා කහ පාටකට හුරු හම....ඉන ගාවට වැවුනු කැරලි කොන්ඩෙ..පිරුනු උකුලක් එක්ක ගවුමෙන් හැඩට බේරිලා පේන පපුව...දිගු ඇහිපිය එක්ක මහත තොල්....හිනාවෙනකොට මතුවෙන හුරුබුහුටි නලදත....ඒ හැමදේම ලස්සනයි...අඩුපාඩුවක් කියන්න බැරි තරමට ඒ රූපේ සම්පූර්නයි....පරිපූර්නයි.....

ඔව් එයා ලස්සනයි..විවාදයක් නැතුවම පිලිගන්න පුලුවන් තරමට එයා හැඩයි....

ඒත් ඇතුලාන්තය.....

පිටතින් වගේම එයාගෙ ඇතුලාන්තයත් ලස්සනද.. පරිපූර්නයිද....

    ස්ක්‍රීන් ඕෆ් උනු ෆෝන් එක ආයෙත් සාක්කුව ඇතුලට යනකොට මට බරම බර හුස්මක් පිට උනා....

  පැහැසරා.......

   ඇයි මන් තවම උබ පස්සෙ මේ තරම් පන්නන්නේ..කලකිරීමක් ඉතුරු උනාටත් පස්සෙ...මගෙ අතීතයක් නොවන අතීතෙ ඇතුලෙ මගෙ හැගීම් මරලා දාපු උබ පස්සෙ මන් ඇයි මේ තරම් පන්නන්නේ....

   දන්නවද....ආදරේ උතුරන්න දුන්නු සමහර තැන්වලත්...අහම්බෙන් හරි කලකිරීමක් ඉතුරු උනොත්..කාලෙත් එක්කම ඒ හැගීම් නීරස වෙනස...ආදරය කියන්නෙ නිකම්ම නිකම් අකුරු හතරක් විතරයි කියන්න දැනෙනවා...පැහැසරා..හරියට උබ වගේම..මටත් දැන් ආදරය කියන්නෙ හිස් උනු අකුරු හතරක් විතරයි....



"අම්මයි තාත්තයි බලන් ඉන්නවා ඔයා එනකම්......"

  මට එයාගෙ මැසේජ් එක මතක් උනා...අම්මයි තාත්තයි...එයාගේ....අපි කවදවත් හම්බවෙලා නෑ.....ඒ මේ කොලබ අහස යට ජීවත් වෙන පැහැසරාට අනුව.....මට මාවම කල කිරෙන තරම් ඒ හමුවීම් අවසානෙ හිස්කමක් ඉතුරු කරලා දැම්මා....නුවර අහස යට ජීවත් උනු මට අනුව....

"ඔයා කියන්නෙ තවත් ඔයා වගේ හරිහමන් රස්සාවක් නැති මිනිහෙක් එක්ක ජීවත් වෙලා දුක් විදින්න කියලද නෙතූ...මටත් ජීවිතයක් තියෙනවා....මටම කියලා ආසාවල් තියෙනවා...මගෙම මෝඩකමට ඔයා එක්ක ආවට මට තවත් මේ නරා වලේ දුක් විදින්න බෑ.....ඔයාටයි අර නාකි ගෑනිටයි පුලුවන් උනාට මට බෑ..මේ හැමදේම මට එපා වෙලා.....හොදටම ඇති නෙතූ..තවත් බෑ....මට ඉක්මනට දික්කසාදෙ ඕනේ..."

~BO$$ BAB¥~ Where stories live. Discover now