03 Chp📌️

1.9K 275 66
                                    

..
..
..

..මං කකුල් දෙකෙන් හිටගන්න කියලා කියලද කිව්වේ යතාර්ථ....මේ දැන්ම...!...ඔලුවෙන් හිටගන්නවා....!!


ආනෙත්ගෙ ඇස්..!...ඒවා පුදුමෙන් ලොකු වෙන්නත්...ඊලග මොහොතේ ඇකිලිලා යන්නත් ගත උනෙ හරිම පොඩි වෙලාවයි..කේන්තියෙන් කෑ ගහපු මිතූගෙ අතක් මහ සද්දෙන් වීදුරු මේසෙ උඩ නතර වෙද්දි....ඒ ඇහුනු සද්දෙත් එක්කම එක මොහොතකට කාර්‍යාල කාමරයම දෙදරා ගියා හා සමාන හැගීමක් එතන ඇති උනා....

වීදුරු මේසෙ දෙදරලා ගියත්......ඒ හඩ කාර්‍යාල කාමරය පුරා දෝංකාර දුන්නත් ආනෙත් නෙවේ ගැස්සුනේ...ඒ ඇස් ලොකු උනා ඇරෙන්න එයා නෙවේ බය උනේ....අඩුම ගානෙ බය වෙන්න හිතුවෙවත්......

මිතූ අහංකාරයි...ඒ වගේම දඩබ්බරයි.....ආනෙත් හිත කෑ ගහලා කිව්වෙ පලවෙනි වතාවට නම් නෙවෙයි.....

..තවත් මොනාද තමුසෙ බලන් ඉන්නෙ මගෙ මූනෙ පෙරහැරක් යනවද ආහ්...ජොබ් එකක් කලාට වැඩක් නෑ තමන්ගෙ බොස්ට ගරු කරන්න දැනගන්නවා යතාර්ත...!...

කලින් මිස්ටර් යතාර්ත දැන් නිකම්ම නිකම් යතාර්ත වෙලා....මිතූ කියනවා බොස්ට ගරු කරන්න දැනගන්නලු...එහෙම නැත්නම් ජොබ් එකක් කරන එකෙන් වැඩක්නෑලු....ඒක ඇත්ත...ඒ දේ නම් අනිවාර්යයෙන් ඇත්ත....ඒත් එතකොට වයස...වයස ගැන මොකද......

'මන් තමුන්ට වඩා අවුරුදු නවයක් වැඩිමල් පොඩි එකෝ මුලින්ම වයසට ගරු කරන්න දැනගන්නවා..'

කියලා කෑ ගහන්න කට නලියෑවා උනත් ආනෙත්ට උනා ඉවසන්න...කරන්නම බැරි උනත් කොහොමහරි ඉවසන්න...එක අතකට මේ ඉන්නෙ එයාගෙ බොස්..වයස මොකක් උනත් "සුදුසුකම් මත" අලුතින් පත් වෙලා ආව බොස්....අනිත් එක මේ ඉන්නේ...ම්ම්...නෑ එක්කොත් අනිත් එක ඕන නැතිවෙයි.....

මොන දේ උනත් ආනෙත්ට මේ වෙලාවෙ වැඩියෙන්ම වටින්නෙ ජොබ් එක.....හිතන්න තියෙන්නේ මේක ජූනියර් කෙනෙක් විදිහට ආනෙත්ට සීනියර් කෙනෙක්ගෙන් ලැබෙන පනිශ්මන්ට් එකක් කියලා.....පනිශ්මන්ට්?..සීනියර් කෙනෙක්ගෙන්...?...හිත සනසගන්න හදන වචනවලින් ආනෙත්ටම එයා ගැන හිනා යනවා....මොන ලෝකෙද අලුතින් වැඩට එන අයව බොස්ම අඩගහලා රැග් කරන්නේ....

~BO$$ BAB¥~ Where stories live. Discover now