23 Chp📌️

975 200 84
                                    


..

..

..

Author's P.O.V

..බ්‍රාස්ස්ස්ස්ස්ස්ස්ස්...!

..බ්..බේබි සර්...


    හඩක්....සවන් පුරා ඇහෙන දෝංකාර දෙන එකම හඩක්.....කිසිම දෙයක් නෑහී යන...මුලු සිහියම නැති කරලා දාන්න ඔලුව ඇතුලින්ම ඇහෙන හඩක්.....


..බ්..බේබි සර්..ඇහෙනවද...දෙයියන්ගෙ නාමෙන් කතා කරන්න බේබි සර්..මාව ඇහෙනවද....

..ඉ...ව්..වා...න්....

   හරිහමන් පාටක් කියන්න අමාරු අන්ධකාර පාටක් ගත්තු ඇස් අඩවන් වෙලා.....දිගු ඇහිපිය විඩාබරව තෙත් වෙලා.....ඒ ඇහිපියවලටත් විවේකයක් ඕනයි කියන්න විටින් විටේ ඒ ඇස් ඇරෙමින් වැහෙද්දි....කොයිතරම් උත්සහ කලත් ඇස් වැහෙන්නම තනද්දි...මිතූ අමාරුවෙන් වචන එකතු කලා.....හිනාවකින් පිරිලා තිබුනු ඒ දෙතොල එක තප්පරේකින් සුදුමැලි වෙලා ගිහින් තියෙද්දි එයා වචන ගැට ගැහුවා....

...බේබි සර් ඇස් ඇරලා බලන්න...මාව ඇහෙනවද..ඇස් ඇරලා බලන්න....

   ඉවාන් කෑ ගහනවා....ඇස් ඇරලා බලන්න කියනවා....එයාව ඇහෙනවද ඇහනවා...ඒ උනත්...ඒ හඩ මිතූට ඇහුනෙම වෙනත් ලෝකෙක.හීනෙක ඉදන් ඇහෙන කටහඩක් හා සමානව වෙද්දි ඒ සවන් 'කීන්' හඩෙන් පිරිලා ගිහින් තිබුනා ...උරහිස් හොල්ලන ගමන්..නැගිටින්න කියලා කෑ ගහන ගමන් ඉවාන් කෑ ගහන හැටි දැනුනා උනත්....හිතන තරම් ලේසියෙන් ඇස් ඇරගන්න අමාරු වෙද්දි....මිතූ මොහොතක් සුක්කානමට ඔලුව හේත්තු කරන් හිටියා....රිදුම් දෙන ඔලුව උස්සගන්න බැරිව එයා වේදනාත්මක හුස්මක් පිට කලා.....

..ම්..මන්...හො..දින්..බ...ය වෙ..න්න එ..පා මන් හොදින්.....

   මොහොතක් ගත වෙලා යද්දි හරි සිහියට ආව මිතූ රිදුම් දෙන ඔලුව දෑතින්ම අල්ලන් සීට් එකේ කෙලින් උනා.....හදිසියේ වැදුනු බ්‍රේක් පාරත් එක්ක ඉස්සරහට විසි උනු මිතූගෙ ඔලුව තදින් සුක්කානමෙම වැදුනා වෙද්දි....ඒ වේදනාවෙන් නලල ඇගිලිතුඩුවලින් පිරිමැදගත්තු එයා බෙල්ල හරවලා බැලුවෙත් තරමක අපහසුතාවයෙන්...

..ඉ....වා...න්....

..ඔහොමම ඉන්න බේබි සර්..බහින්න එපා...මන් වැදලා කියන්නම් දැන්වත් මන් කියන දේ අහලා බහින්න එපා...

~BO$$ BAB¥~ Where stories live. Discover now