21 Chp📌️

1.1K 199 78
                                    


..
..
..

..ටොක් ටොක්...


    එක අතකින් නිල් පාට ෆයිල් එකක් තියන් අනිත් අතින් මන් C.E.O කියලා ගහපු කැබින් එකෙ වීදුරු දොරට තට්ටු කලා....මට එයාව නොපෙනුනත් කලු වීදුරු දොරෙන් එයාට අනිවාර්යයෙන් මාව පේනව ඇති......ටිකකින් කමීන් කියලා එයාගෙ ගැබුරු කටහඩ ඇහෙද්දි.....මේ වතාවෙ මොන වගේ මරාලයක් ඔලුවට කඩා වැටෙයිද කියන එක හිතාගන්න බැරිව බර හුස්මක් පාත දාලා මන් දොර ඇරියා....

       දොරට එපිටින් හිටිය මන් දොරත් ඇරන් ඇතුලට පය තියනවත් එක්කම එයාගේ කැබින් එකේ ඒසී එකේ සීතලේ වෙනස ඕනාවටත් වඩා හොදින් දැනෙනකොට....ඇග හිරි වැටිලා ගියා හා සමාන හැහීමත් එක්ක ඇදුම ඇතුලෙන්ම මගෙ හිරි පිපුනා....එකපාරටම කන් දෙක අගුලු වැටුනා හා සමාන හැගීමක් දැනුනා.....මෙච්චර සීතලක මේ කොල්ලා කොහොම ඉන්නවද...ඇස් උස්සලා බැලුවෙ එයා මොනා කරනවද බලන්න උනත්....කැබින් එකේ දොර වැහිලා යනවත් එක්කම මගෙ අතින් ෆයිල් එක අතෑරිලා ගියා......!


..අල්ලගන්න!..

   මොකක් අල්ලගන්න..මොනාද...මන් දන්නෑ මට හිතාගන්න බෑ....මොකක්දෝ කොලපාට බෝලයක් වගේ දෙයක් වේගෙන් මූන දිහාවට පාවෙලා එනවා දකිද්දි අතේ තිබුනු ෆයිල් එක එකපාරටම බිමට අතෑරුනා වගේම මූන බේරගන්න ඕනකමට එ මොකක් උනත් මන් දෝත බදලා අල්ලගත්තා...නහය කෙලින්ම ආව බෝලෙ වගේ දේ නහයෙ වදින්න ඔන්න මෙන්න තියලා ඇගත් පිටිපස්සට බර කරගත්තු මන් කොහොමහරි අල්ලගත්තා.....

    අත් දෙක උඩට ඉස්සිලා මූන ලගින් නතර වෙලා... එක කකුලක් පැත්තට ගිහින් ඇගම පිටිපස්සට බර වෙලා...මට දැනුනේ පකිස්ථාන පිලේ හයේ පන්දුවක් රැකගත්තු ඉන්දීය ක්‍රීඩකයෙක්ට දැනෙනවා හා සමාන හැගීමක්...කොයිවෙලාවෙත් ඇවිලෙන්න බලන් ඉන්න රටවල් දෙකක්...බලන්නෙම අවස්තාව ලැබුනු ගමන් ආගම සම්බන්ධයෙන් හරි රන්ඩු කරලා තරහා පිරිමහන්න...එයයි මායි හරියට ඉන්දියාවයි පකිස්තානෙයි වගේ...ඇවිලෙන්න හේතු නැතුවම ඇවිලෙනවා ....හේතුවක් නැත්නම් බලෙන් හරි හේතුවක් හදලා පාඩුවේ ඉන්න නොදී ඇවිලෙන්න මග පාදනවා.....


     හයේ පහරක් ගහලා මගෙ කන්නාඩිය බිදලා දාන්න කලින් මන් පන්දුව රැකගත්තා වෙද්දි.....නහය ගාවටම ඉස්සිලා තිබුනු අත් අස්සෙන් එක ඇහැක් විතරක් ඇරලා මන් එයා දිහා බැලුවා.......මගෙ මූනට වැදෙන්න ගහපු පාර මන් වැදෙන්න නොදී අල්ලගත්තා කියන්නෙ එයා අනිවාර්යයෙන් ඇත්තෙ කේන්තියෙන්...මාව පුච්චලා අලු කරලා දාන්න පුලුවන් තරමේ බැල්මකින්.....

~BO$$ BAB¥~ Where stories live. Discover now