15 Chp📌️

1.2K 227 46
                                    


..

..

..

මිතූ 's P.O.V.

..බය වෙන්න දෙයක් නැ දරුවෝ..නලලෙ තැල්ම නිසා ආව පොඩි උනක්..මේ බෙහෙත් ටික දෙන්නකෝ...දවස් දෙක තුනකින් ඇරිලා යයි....

    නහය උඩට රූටලා ආව බෝතල් අඩි කන්නාඩි දෙක ඇගිල්ලකින් උඩට කරන ගමන් "වටකෙස් මැද හිස්" කියාගෙන යද්දි....දත් සේරම එලියෙ දාගෙන ඉන්ඩිගෝ...එහෙම නැත්නම් ඉවාන් අත් දෙකෙන්ම බෙහෙත් ටික ගන්න නැවුනා උනත්..ඊට කලින් මටත් නොදැනී මාව ඉස්සර උනා..ඉන්ඩිගෝ බෙහෙත් ටික අල්ලන්න ඇගිලිතුඩු ගැවෙන්න ඔන්න මෙන්න තියෙද්දි...වාඩිවෙලා හිටිය තැනින් ඉබේම නැගිට්ටුනු මන් බෙහෙත් ටික ඇද උඩට වැටෙන්නම ඒ අතට පාරක් ගැහුවා...

..මොකක් කිව්වා දවස් දෙක තුනක්..!!..මහ ලොකුවට පට්ටම් ගහන් ඉන්න ස්පෙශලිස්ට් කෙනෙක් නේද ආහ්  .. තමුන්ට බැරිද එක දවසෙන් හොද වෙන්න බෙහෙත් දෙන්න..දවස් දෙක තුනක්..!..දවස් දෙක තුනක් යනවා නම් හොද වෙන්න මොන මගුලකට අපි සල්ලි දීලා බෙහෙත් ගන්න එන්නේ.ඒ දවස් දෙක තුනෙත් පෙනඩෝල් බීලා හිටියා නම් හොදටම හොද වෙනවනේ..

..නෑ පුතා මන් අදහස් කලේ ඒක නෙවේ..මන් කියන්නෙ හොදටම හොද වෙන්--......

..ඒක තමා අයිසෙ මාත් කියන්නේ...බෙහෙත් බිව්වා නැතා දවස් තුනක් යද්දි හොදටම හොද වෙනවා කියලා මාත් දන්නවා..මාව මෝඩයෙක් ගානට පේනව්ද ආහ්..නැත්නම් තොත්ත බබෙක් ගානට පේනවද..එක්කෝ තමුසෙ හෙට උදේ වෙද්දි හොදටම උන අඩුවෙන්න බෙහෙත් දෙනවා නැත්නම් මෙතනින් අකුලගෙන යන්න යනවා...!

..බ්..බේබි සර්...

..මොකද ආහ්...මොකද...එතකොට තමුන් දන්නවද මන් කවුද කියලා ආහ්...මන් කව්..

..තෑන්ක් යූ සෝ මච් ඩොක්ටර් ..අපි එලියෙන් ඉන්නම්..

..මොකක් යන්න..!..ඉවාන් තමුසේ...

   වැඩක් නෑ...අතදික් කරලා මාව ගොනා කරන්න හැදුව වටකෙස් මැද හිස්ට බනින්න ගියාට වැඩක් නෑ....ඔලුවත් නවලා මොකක්දෝ මගුලක් කියෝපු ඉන්ඩිගෝ මාව එලියට ඇදන් එන්න යද්දි ඩොකා හිටියෙ යකෙක් ගහපු ගානට ඇස් ලොකු කරන්..ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතිව කටත් බාගෙට ඇරන්.....

~BO$$ BAB¥~ Where stories live. Discover now