26 Chp📌️

1.2K 179 64
                                    

..

..

..

   මේ ලෝකේ හැමදේම සිද්ධ වෙන්නෙ මට ඕන විදිහට නෙවේ....වෙන්න තියෙන දේවල් කොච්චර උත්සහ කරලා නතර කරන්න හැදුවත් වෙන්න තියෙන විදිහට වෙනවා......හැබැයි අපිට ඒක වෙනස් කරන්න බෑ කියලා දුක් වෙනවට වඩා මේ පෙරලුනු අත හොදයි කියලා හිත හදාගන්න එක තමා කරන්න පුළුවන් හොදම දේ....මොකද අපි කොයිතරම් පසුතැවුනත් අපිට ඕන දේ උනේ නෑ අපි අතින් වැරැද්දක් උනා කියලා...සමහර විට මේ වෙලා තියෙන්නෙ වෙන්න තියෙන හොදම දේ වෙන්න පුලුවන්....

  ඒ කතාව ඇත්තක්....බොරුවක් නෙවේ.....බොරුවක් උනා නම් කොහොමද මන් අද එයාට මේ තරම් ලගින් ඉන්නේ.....

..ඕක හදිස්සි වැඩක්ද මිතූ...

..හ්ම්....

    එයා අහද්දි මන් ඔලුව ඉහලට පහලට  කලා...සතියකට වඩා මට ඔෆිස් එකේ වැඩ මග ඇරිලා....එයාගෙ අසනීපෙත් එක්ක හදිසියේම මාවත් අසනීප උනයින්  ඩෑඩ්ගෙ බලකිරිල්ල නිසා මට ඔෆිස් නොයා බෙඩ් රෙස්ට් කරන්න උනා....දවස් දෙකකට පාරක් දොස්තර හිත හොදව හම්බවෙලා චෙකප් එකක් කරගන්න උනා.....ඔය සේරමත් එක්ක යතාර්ථව බලන්නෙ නැතුව ඉන්න බැරි උනයින් වැඩ අහස උසට ගොඩ ගැහුවා.......කොයිතරම් ඩෑඩ්ට බැන්නා උනත් මන් මේක කැමැත්තෙන්ම කරන්න ඉල්ලගත්තු දෙයක් වෙද්දි මන් නිසා වගේම මාම් නිසාත් ප්‍රෙශර් වෙලා ඉන්න ඩෑඩ්ට තවත් කරදර නොකර මන් හොස්පිටල් එකේ ඉදන්ම ලැප් එක දිගෑරන් පහුවුනු වැඩ ගැන බැලුවා..

...ඕක නිසාම කොයිවෙලාවෙ හරි ඔයා අසනීප වෙනවා මිතූ.....

   එයා ඇහෙන නෑහෙන ගානට මිමිනුවෙ මගෙ එහාපැත්තෙ ඉදන්.....ඒ එක්කම වගේ එයාට පිට උනේ බර හුස්මක්...හ්ම්....එයාටත් දැන් එපා වෙලා ඇති...දවස් කීයක් නම් ඇදක් උඩද...එහෙම කියලා මාත් මොනා කරන්නද.....දැන්ම ඩිස්චාර්ජ් කරන්න බෑ කියලා ඩොක්ටර් කිව්වනේ......අනික එයාව ගෙදර එක්ක යනවා කියන්නෙම අමතක උනු දේවල් ගැන හිතලා මහන්සි වෙන එක....හොස්පිටල් එකක් ඇතුලෙ ඉද්දි එයාට හිතන්න දේවල් නෑ....ඒත් ගෙදර ගිය ගමන් අර කවුද මේ කවුද..මේ තැන කොහෙද....කලින් ජීවත් උනේ කොහොමද ...එයාට දාහක් ප්‍රශ්න....ගෙදර එක්ක යනවට වඩා හොදයි එයා හොස්පිටල් එකේම ඉන්න එක...

~BO$$ BAB¥~ Where stories live. Discover now