05 Chp📌️

1.5K 242 56
                                    

-05-



  
ටක්...ටක්...ටක්...

   වෙලාව ටිකෙන් ටික ගතවෙලා යනවා...තප්පර කට්ටත් හරි හරියට විනාඩි කට්ට අල්ලන්න හිතන්දෝ වේගෙන් වේගෙන් දුවගෙන යනවා...කොහොමත් තමන්ගෙ නිවී හැනහිල්ලෙ ගමන් යන පැය කට්ට නම් ඔහේ ඇදීගෙන යන්න යද්දි මිතූගෙ ඇස් දෙකත් හරි කලබලේට පාර දිහාවට ඇදෙනවා.....ඒ හරිහමන් පාටක් කියන්න අමාරු මුරන්ඩුකාර ඇස් මොකක්දෝ බලාපොරොත්තුවෙන් දිගටම අදුරට තනි රකිනවා...

..මොකක්ද මේකේ තෙරුම බබා...දැන් කොච්චර වෙලාවක්ද..

..ම්ම්..?..

..ම්ම් හ්ම් නෙවේ...ගෙදර යන්නෙ නැද්ද බබා...බලන්නකෝ වෙලාව...හෙට ඔෆිස් යන්න ඕන නේද...

..ඩෙෆනීට්ලි...

..එහෙනම් මෙච්චර වෙලා ඇහරන් ඉන්නෙ නැතිව ගෙදර යන එක නෙවේද හොද ම්ම්..හිස් පාරක් දිහා බලන් හිටියා කියලා මොනා ලැබෙනවද...

..ලැබෙන දේ පරක්කු වෙලා හරි මට ඕන තැනදි ලැබෙයි...

................

..නිදිමතයි නම් ඩෑඩ් ගෙදර යන්න..මන් ඉදලා එන්නම්...මට නිදිමතක්වත් හදිස්සියක්වත් නෑ...

..පිස්සුද බබා..ඔයාව දාලා යන්න පුලුවන්ද..

..මම දැන් වැඩිහිටියෙක් ඩෑඩ්..ඒක අමතක කරන්න එපා..

..ඕහ් ඕහ්.ඕහ්..



   මිතූගෙ වචන.....සහශ්‍ර ඒ වචන ලග අත් දෙකත් උඩට උස්සලා සද්දෙන් හිනා උනේ කොල්ලා ඇස් හීනි කරලා රවලා බලනකොට..ඉතින් සහශ්‍ර හිනානොවී කොහොමද..තේරෙන කාලේ ඉදන් මිතූ දැගලුවේ ඔන්න ඔය වචන ටික බය නැතුව මූනටම කියලා දාන්න වෙනකොට...දහ අට වෙනි උපන්දිනය ලබලා දවසක් යන්නත් කලින් එයා දැන් වැඩිහිටියෙක් කියලා ආඩම්බරෙන් කියද්දි එතන හිනාවෙන්න දෙයක් නොවුනත්.සහශ්‍රට හිනා ගියා...මිතූ ඒක කිව්ව තාලෙත් එක්ක මහ සද්දෙන් සහශ්‍රට හිනාවක් පැන්නා...


..ශට් අප් ඩෑඩ්...

..ඕකෙ..ඕකෙ සොරි සොරි..හහාහ්...

..ඉට්ස් නොට් ෆනී හාහ්...


   මිතූ ඩෑඩ්ට හොදම එකෙන් රවලා වාහනෙන් එලිය බලාගත්තා....එපා කිව්වත් අහන්නෙ නෑ ඩෑඩ් හිනාවෙනවා....මිතූටත් දැන් හිතාගන්න බෑ ඔය තරම් ඕකෙ හිනාවෙන්න දෙයක් තිබුනද කියන්න..මතක හැටියට නෑ....මන් දැන් වැඩිහිටියෙක් කියන කාරනාව ඇතුලෙ කොහෙද හිනාවෙන්න තරම් දෙයක්....ඩිනර් එකේදි සහශ්‍රට වැරදි දෙයක් කැවිලදෝ...ඒකද මේ හිනාවෙන්නේ...ඒ තරම් පොඩි දෙකට....හිනා වුනා නම් තව කමක් නෑ...හිනාවෙන්න එපා කියලා කැ ගහලත් සහශ්‍ර මිතූගෙ අතකට ගහන ගමන් ආයෙත් බඩ අල්ලන් හිනාවෙද්දි කේන්තියෙන්ම නහයෙන් පිබලා මිතූ පපුවට අත් බැදගත්තේ රතු උනු පිනි ජම්බුවක් ගානට...කේන්තියටම පුපුරන්න ඔන්න මෙන්න ලන් උනු ගිනිපුපුරක් ගානට....

~BO$$ BAB¥~ Where stories live. Discover now