04 Chp📌️

1.7K 269 51
                                    


..

..

..





..මොකද බබා ඔය...අද වගේ දවසකවත් ඔහොම මූන එල්ලන් ඉදලා හරියනවද...

...........

..දැන් මූන එල්ලන් ඉන්න තරම් මොනාද උනේ ම්ම්....මන් දන්න තරමින් මගෙ කොල්ලා කවුරුත් මොනවත් කිව්ව පලියට මූන එල්ලගන්න කෙනෙක් නෙවේ....

........

..අද ඔයාගේ බර්ත්ඩේ එක බබා...සතුටු වෙන්න ඕන දවසක ඇයි මූන එල්ලන් ඉන්නේ...

..සතුටු වෙන්න..?..ඇයි මන් තව අවුරුද්දකින් වයසට ගියා කියලද..

..හහා....හ්....


   කොහේදො ඇතක් බලාගෙනම..පපුවටත් අත් දෙක බැදගෙන....නලල රැලි කරන් හිනාවක් නැති මූනකින් මිතූ කිව්ව දේට සහශ්‍රගේ තොල් අගින් හිනාවක් පැන්නා...කිව්වත් වගේ අවුරුද්දකින් වයසට ගියා කියන එක නම් සතුටු වෙන්න දෙයක් නෙවේ....ඒ උනත් මිතූට පුලුවන්නේ සතුටු වෙන්න එයා දරුවෙක්ගෙන් වැඩිහිටියෙක් උනා කියලවත්...අවුරුදු ගානක ඉදන් පහු කරන්න බලාගෙන ඉන්න කඩයිම එයාට පහු කරන්න පුළුවන් උනා කියලවත්....


..මොකද හිනාවෙන්නෙ ආහ්...ඒක හිනාවෙන්න තරම් දෙයක් නෙවේහ්....

..හිනාවෙන්න තරම් දෙයක් නෙවේ කියන්නෙ බබා ඔයා ඒක කිව්ව තාලෙට හිනා යනවා නේන්නම්....අවුරුදු දාහතෙන් දහටට පනින එක කොහොමද වයසට යනවා වෙන්නේ...හරිනම් බබා සතුටු වෙන්නයි ඕන....දහාට ලැබුවා කියන්නේ වැඩිහිටියෙක් විදිහට නීතියෙන් පවා පිලිගන්නවා කියන එක....ම්ම්....එතකොට මොනාද කරන්න බැරි....ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා...ලයිසන් ගන්න..ජොබ් එකක් කරන්න..ඇල්කොහොල් යූස් කරන්න...එනිතින්ග්...



   හරිම සැහැල්ලු විදිහට අතක් වනන ගමන් සහශ්‍ර කියාගෙන යද්දි..මිතූගෙ තොල් අග ඇදුනේ සමච්චල් සහගත හිනාවක්....ඔය කිව්ව දේවල් කරන්න මොන කොල්ලද දහ අට පිරෙනකම් ඉන්නේ....මිතූ කියන්නෙත් දහ අට ලබන්න කලින්ම ඉදන් එකම එක දෙයක් ඇරෙන්න කොල්ලෙක් විදිහට කරන්න පුළුවන් හැමදෙයක්ම කරපු කෙනෙක් වෙද්දි...එයාට ඔය බයිලාවලින් වැඩක් උනේම නෑ....අහගෙන ඉන්න වග පෙන්නුවත් එයාට ඒ කතා බහේ උනන්දුවක් තිබුනෙත් නෑ....

~BO$$ BAB¥~ Where stories live. Discover now