29 Chp📌️

925 165 62
                                    

..

..

..


Mithu's P.O.V





ටක් ටක් ටක්....

හ්ම් හ්ම්........

ටක් ටක් ටක්.....

ඔරලෝසුව කටු කැරකෙන සද්දෙ විතරයි...හ්ම් හ්ම්...වෙන මොනවත් ඇහෙන්නෙ නෑ.....ඒත් එහෙම වෙන්නෙ කොහොමද....ආන්ටි මදරින්ලෝත් ආවා නම් මේ තරම් නිශ්ශබ්දතාවක් තියෙන්නෙ කොහොමද.....



  තව ටිකක් දොරට කන තද කරගෙන මන් බැලුවේ මොනාම හරි සද්දයක් ඇහෙනවද කියලා....නෑනේ...ඇහෙන්නෙ නෑනේ....මොකාක්ම.හරිඅවුලක් තියෙනවා...මේ තරම් නිශ්ශබ්දයි කියන්නෙ මොනාම හරි අවුලක් තියෙනවා......

  එපාර්ට්මන්ට් එකටම තිබුනේ රූම්ස් දෙකයි....එකක් තමා මන් දැන් ඉන්න මගෙ කාමරේ...අනිත් එක ඉවාන්ට නතර වෙන්න තිබුනු එක....අරයා ඉන්නවා ඇත්තෙ දැන් ඒකේ.....සමහර විට නිදිද දන්නෙත් නෑ බෙහෙත් බීලා....එතකොට ආන්ටි මදරින්ලෝ....එයා කොහෙද...අම්මලා පුතාලට එහෙම එක කාමරේක ඉන්න බෑනේ...අනිවාර්යයෙන්ම දෙන්නගෙන් එක් කෙනෙක් ඇවිල්ලා සද්දයක් දාලා යන්න ඕන....ඒත් කෝ..කවුරුවත්ම නෑනේ....කට්ටියට මාව අමතක වෙලාද...හෑහ් එහෙම කොහොමද වෙන්නේ...මේ මාව අමතක වෙලා වෙන්නෙ කොහොමද.....

   මූන පුම්බන් ඉන්න පූශගෙ ඉට්ටිකරේ....අවදානේ දෙන්න කවුරුත් නෑනේ මේ ලමයට!

   බලන් ඉදලා ඉදලා බැරිම තැන මන් දොර යාන්තමට ඇරලා ඇහැ දාලා බැලුවා.....හුම් හුම්...ඉසව්ව පැහැදිලියි...නමුත් සතුරා සිටින්නෙ උඩු මහලේ ද නැතිනම් යටි මහලේද යන්න සැක සහිතයි....

     කෝකටත් කියලා දකුනු කකුල පෙරට තියලා කාමරෙන් එලියට ආව මන්......දෙකට තුනට නැවිලා පොඩ්ඩක් වටපිට බලලා ආයෙ මොනවත් නොවුනා වගේ කෙලින් හිටගත්තා....මන් මොකටද කාටවත් බය වෙන්නේ....මේ ගෙදර මගේ...මමයි එයාගෙ බොස්....ඔය කාටවත් පුලුවන්ද මට උඩින් යන්න...නෝ නෙවර්!කාටවත් බෑ..

   එපාර්ට්මන්ට් එකක් කිව්වත් මේක සම්පූර්ණයෙන්ම ගෙයක්....සාලයක් කිචන් එකක් රූම්ස් වගේම බැල්කනි එකක් පවා තිබුනා.....මගෙ රූම් එක තිබුනේ සාලේට ලගින් වෙනකොට අනිත් රූම් එක තිබුනේ කිචන් එක පැත්තට වෙන්න....අම්මලා පුතාලා කිචන් එකේ ඇතිදෝ කියලා හිතුනු නිසා මන් කෝකටත් කියලා පූස් අඩි තියලා ඒ පැත්තට ගියා.....ම්ම්...හිතුවා හරි...සද්ද බද්ද නැති උනාට නැන්දම්මා උයනවා...එතකොට එයා....එයා කොහෙද...නාගන්නවත් ගියාද දන්නෑ.....ඒත් ඉතින් නාන්න බැනේ....එයාට ඔලුව තෙමන්න හොද නෑනේ....ඒ උනාට අර වතුර එක...ගෝල්ෆ්ෆිශ්ලා හිටිය මාලු ටැංකිය....ඒක එයාට වැදුනද දන්නෙ නෑ....එයාගෙ ඔලුව තෙමුනද දන්නෙ නෑ...


~BO$$ BAB¥~ Where stories live. Discover now