20 Chp📌️(Bonus)

1.1K 188 78
                                    


..

..

..




.


.
.






           ලයිට් කනුවල සුදු පාට එලිය මැද්දෙන් එයාගේ කලු පාට හොන්ඩා බයික් එක ඉස්සරහට ඇදෙනවා....කලබලයක් නැතුව...වැඩි වේගයක් නැතුව නිවි හැනහිල්ලේ ඉස්සරහට ඇදෙන ඒ බයික් එක පිටිපස්සෙන් මන් ඉල්ලන් ආව ග්‍රෑන්ඩ් පාගේ කාර් එකත් ඇදීගෙන යනවා....



..කොහෙද ඕයි මේ මහ රෑ පොරවගෙන නිදියන්නෙ නැතුව මේ යකා රවුම් ගහන්නේ....

   ස්ටෙයාරින් වීල් එක කරකන ගමන් මන් අහද්දි ඉවාන් අමුතු විදිහට හිනාවෙලා අහක බලාගත්තා.....ඔව් මන් දන්නවා ඌ ඔය හිනා උනේ මට කියලා...



..මටත් බේබි සර්ගෙන් ඔය ප්‍රශ්නෙම අහන්න හිතෙනවා!..

..මොකක්...!!

..නෑ මන් කිව්වේ පාර බලාගෙන ඩ්‍රයිව් කරන්න කියලා...මේ වෙලාවට වාහනත් වැඩීනේ...

   හැව් හැව් තමා....මූ හිතන් ඉන්නෙ මට ඇහුනෙ නෑ කියලා වෙන්න ඇති.....ගෙදර ගිහින් පොරෝගෙන නිදියන්න!..නමට හරි කෑල්ලක් ඉද්දි මොන මෝඩයද මෙච්චර වේලාසන නිදාගන්නේ...

  ලව් කරන මිනිස්සුයි ඩ්‍රාමා බලන මිනිස්සුයි තමා පාන්දර එක දෙක වෙනකම් එෆ් බී ඇක්ටිව් ඉන්නේ.....බැරිවෙලා හරි දහයට දොලහට වගේ ඔය කොල පාට තිත නැති
වෙලා ගියොත් ලිස්ට් එකේ උන් හිතන්නෙ අපිත් තනිකඩයි කියලා..නිදිමරාගෙන මැසේජ් කරන්න කවුරුත් නෑ කියලා....එයා එක්ක අත් අල්ලන් ඉන්න ෆොටෝ එකකුත් අප්ලෝඩ් කරලා අන්තිමට ඇක්ටිව් නැති උනොත් ලිස්ට් එකේ උන් හිතයි මන් බොරු කරනවා කියලා....ඩ්‍රයිව් කරනගමන්ම ෆෝන් එක අරන් එෆ් බී ගිය මන් ඩේටා ඔන් කරලා ෆෝන් එක එහෙම්මම පැත්තකින් තිබ්බා...දැන් හරිනේ...



  එයා බයික් එක අරන් යන්නෙ බීච් එක පැත්තකට..මේ මහ රෑ එයාට බීච් යන්න තියෙන්නෙ එකම එක හේතුවක් වෙද්දි.....මගෙ ඇස් ඉස්සරහා පැස්ටල් කූරක් වගේ ඇගම හීරුවත් මස් රාත්තලක් නැති ඒ කැහැටු රූපේ ඇදී මැකී ගියා....බැරිවෙලා හරි ඔය යන්නේ ඒකිව හම්බවෙන්න නම්.....හරියට උනවත් හොද නොවි සීතලේ රවුම් ගහන්නේ කොහෙවත් ඉන්න කුන්ඩවාලයකට තනි රකින්න යන්න නම්........එයා ගැනත් මන් හෙට උදේට බලාගන්නම්....!..




~BO$$ BAB¥~ Where stories live. Discover now