....
..
බනින්නද නැත්නම් මොනවත් නොවුනු ගානට ඉවසගෙන පැත්තකට වෙන්නද..මන් දන්නෑ මට තේරෙන්නෙ නෑ....මට මේක තවත් ඉවසන්නත් බෑ....සුප් එක ඔලුවෙ හලන්න තරම් වැරැද්දක් මන් කලාද....නැත්නම් ඒක බාරගන්න බෑ කිව්ව එක සුප් එක ඔලුවෙ හලන්න තරම් ලොකු වරදක්ද.....
තෙත් උනු කොන්ඩ කෑලි නලලටම ඇලීගෙන යද්දි....මූන පුරා එලවලු කෑලි පිරුනු වතුර බින්දුවලට ඔහේ ගලාගෙන යන්න ඇරලා මන් මොහොතක් බිම බලන් හිටියා.....කියන්න දේවල් දාහක් දිව අග නලියෑවා උනත්..මන් කවුද..එයා කවුද කියන කාරනාව මතකෙට එද්දි..මගෙ දිව පවා ඒ වචන අතරමග ඇහිරුවා..තොල් අගින් පනින්න නොදී ඒ වචන හිර කරලා දැම්මා....
ඉවසන්න ආනෙත්.. ඉවසන්න....හැමදේම උනේ හොද විදිහට කියලා හිතන්න..මේක කේන්ති ගන්න පුලුවන් වෙලාවක්වත් තැනක්වත් නෙවේ...කේන්ති ගියාම කරන්නෙ මොනාද කියලා අංශු මාත්රෙක දෙයක් මතක නැතිවෙද්දි..කේන්ති ගත්තොත් එකම එක මොහොතකින් හැමදේම නැතිවෙලා යයි කියලා හිතන්න..මේ ජොබ් එක...මේ කම්පැනි එක ඇතුලෙ තියන් ඉන්න හොද නම ...හැමදේම නැතිවෙලා යයි කියලා හිතන්න....පොලියානා වගේ හිතලා බලන්න...මීට වඩා නරක දෙයක් වෙන්න ගිහින් ඔයින් බේරුනා කියලා හිතන්න.....ඇගම පිච්චෙන්න ගිහින් ඔලුව විතරක් තෙමුනු එකෙන් මේක උනේ වෙන්න පුලුවන් හොදම විදිහට කියලා හිතන්න..මිතූ කියන්නෙ තාම පොඩි දරුවෙක්...එයාට තේරෙන දෙයක් නෑ... එයාට මොනවත් තේරෙන්නෙ නැ...එයා එක්ක කේන්ති ගන්න එපා....කේන්ති ගන්න එපා ආනෙත්...දැන් නම් කොහොමත් කේන්ති ගන්න එපා....
මන් හිටියෙම බිම බලාගෙන....හිතට දැනෙන හැගීම් පාලනය කරගන්න කන්නාඩිය පිහින මුවාවෙන් බිම බලාගෙන....ඒක හරි අමාරුයි ...පිටදාන්න දගලන හැගීම් හිර කරගෙන තනියම සන්සුන් වෙන්න හදන එක පුදුම තරම් අමාරුයි...ඒත් මන් ඒක උත්සහ කලා...කන්නාඩිය අතැගිලිවලි පිහින ගමන් මන් උත්සහ කලා... ඒත් එක්කම වගේ මන් දැක්කෙ මන් ඉස්සරහා වාඩිවෙලා හිටිය මිතූගෙ ඇගිලි වෙව්ලන බවක්...තවමත් උනුවතුර බෝතලේ අල්ලන් වචනයක්වත් නොකියා ඒ විදිහටම ඉන්න මිතූගේ ඇගිලි අහේතුකව වෙව්ලන හැටියක්....
YOU ARE READING
~BO$$ BAB¥~
Fantasy"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ