....
..
මිතූ 's P.O.V
..බේබි සර්...!..බේබි සර්....
..ම්හ්ම්..
වෙලාව කීයද..පැය කීයක් ගත වෙලාද...මට මතකයක්වත් තිබ්බෙ නෑ.....පාන්දර හතරත් පහුවෙලා නිදා ගත්තු මන් ගැස්සිලා ඇහැරුනේ ඉන්ඩිගෝ කොල්ලගේ දොරට තට්ටු කරන සද්දෙත් එක්ක වෙද්දි....එක ඇහැක් ඇරලා බිත්තියේ එල්ලල තිබ්බ පරන තාලේ ඔරලෝසුවෙන් මන් බැලුවෙ වෙලාව කීයද කියලා...හතත් පහු....ඇස් දෙක පියාගෙන ඕන නම් එක පාරක් එහෙට හැරිලා මෙහෙට හැරෙන්න ඇති....මෙච්චර ඉක්මනට උදේ උනේ කොහොමද....
...බේබි සර්...ඉක්මන් කරලා නැගිටින්න....උදේ වෙලා...බේබි සර්..!
ඉනට අත් දෙක තියන් ඉන්න ජැස්සන්ගේ ඉට්ටිකරේ!...දැන් මේ මිනියා හිතන් ඉන්නෙ මට ඇස් පේන්නෙ නෑ කියලද...
..කෑ ගහන්න එපා ඕයි...නැගිටලා ඉන්නේ....
කිව්වත් වගේ මන් ඇත්තටම නැගිටලද..මටම හිතාගන්න බැරි තරම් කටහඩ නිදිබරයි....නැගිට්ටා කියලා කිව්ව උනත් මන් තවම හිටියෙ එක ඇහැක් විතරක් ඇරගෙන අනිත් ඇහැට සනීපෙට නිදාගන්න දීලා...ඒත් ඉතින් එහෙම නිදාගත්තොත් අනිත් ඇහැ පවු නිසා මන් ඉක්මනට මේ තරම් වෙලා ඇරගෙන හිටිය ඇහැ වහලා අනිත් ඇහැ ඇරියා.....නැත්නම් එයත් පවුනේ....
ඒ උනත්...ඒ ඇහැ ඇරියාමයි මට හිතුනේ අපරාදෙ ඇස් දෙක ඇරියේ කියලා.....පුරුද්දට මුනින් අතට පස්සත් උඩදාගෙන නිදාගත්තා ඇරෙන්න ඉන්නෙ කොතනද කොහොමද කියලා මට සම්පූර්ණයෙන් අමතක වෙලා තිබුනා වෙද්දි ඇරුනු ඇහැට අහු උනු වීව් එකත් එක්ක ගැස්සිලා වගේ මගෙ ඇස් දෙක ඇරුනා......මේ තරම් වෙලා තුරුලු වෙලා...ගුලි වෙලා හිටියේ කාටද කියලා දකිද්දි නොදැනීම මගෙ බෙල්ලත් උඩට ඉස්සුනා.....
ගෙදර අයගෙ බලකිරිල්ලට බුලත් හෙප්පුව අරන් සාලෙට යනකොට ගුජුම්පියෝ සාලෙ සැටිය උඩ ඉදන් ඉන්නවා දැක්කාම මම!
හනේ සුදු මහත්තයාහ්හ්හ්!!
එකපාරටම මගෙ මූනට ආව හිනාව....ඒ හිනාව් මොන ලෝකේ හිනාවක්ද කියන්න මන්වත් දන්නෙ නෑ..පුදුමෙන් ලොකු උනු කටම...ඊලග මොහොතේ කනට යද්දි....මේ තරම් වෙලා බදන් ඉදලා තියෙන්නෙ මගෙ කොට්ටෙ නෙවේ කියන්න තේරෙද්දි මගෙ ඉහේ මලක් පිපුනා.....මන් එනකම් සාලේ ඉදන් ඉන්න ගුජුම්පියෝ හිනාවීගෙන බුලත් හෙප්පුව ගන්න නැගිටිනවා වගේ හැගීමක් දැනෙන්න ගත්තා....තොල් අගින් කුනු කෙල පෙරිලා කියලා ගානක්වත් නැතුව තඩිම තඩි කිස් එකක් ඒ ටී ශර්ට් එකට වැහුනු පපුව මැදින් තියද්දි ගුජුම්පියෝ ඔප්පා ආයිශ් කියලා රවලා අහක බලාගන්න හැටි පවා මට මැවිලා පෙනුනා.....
YOU ARE READING
~BO$$ BAB¥~
Fantasy"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ