....
..
පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී..............
මේ ලගදි දවසක මන් දැක්කා ඔය කැප්ශන් එකෙන් මීමි එකක් මීම් ගෲප්වල ශෙයා වෙනවා...
අර චූටි බබාලට ගෙනත් දෙන අකුලන්න පුලුවන් චූටි නෙට් තියෙන්නේ...ආන් ඒකක් ඇතුලෙ තාත්තා හොදට ගුලිවෙලා නිදාගෙන ඉද්දි මාස ගානක චූටි බබා ඔහේ රෙද්දක්වත් නැතුව ඇද උඩ නිදි....මදුරුවො කන්නත් ඇති සමහර විට....
මටත් මේ වෙලාවෙ දැනුනෙ ආන් ඒ බබාට තේරුමක් තිබ්බා නම් හිතෙන විදිහෙ හැගීමක්...
දැන් මට කියන්න වෙන්නේ If you are bad..I am your Dad කියලා නෙවේ.... If you are DAD!..You are My BAD!!!!...
ආ..........යිශ්ශ්ශ්ශ්....කොන්ඩෙන් ඇදගෙන කෑ ගහන පූශගෙ ඉට්ටිකරේ!...නැකැත් බලලම කඩා පැන්නා නේත හෙනහුරා වගේ...
..බබා අපි ආවා....ඩෑඩ් කෑ ගහගෙන ආවෙ එහෙම උනත්....එයයි මායි හිටිය විදිහට ඒ මූනේ යාන්තමට හරි තිබ්බ හිනාවත් නැතිවෙලා ගියාද කොහෙදෝ...අතින් කටින් මොනව්දෝ කවර වගයක් උස්සන් ආව ඩෑඩ් දොර ගාවම නතර වෙද්දි.....ඒ පිටිපස්සෙන් ආව ආන්ටි මදරින්ලෝත් ගැස්සිලා ගිහින් නතර උනාද කොහෙද....පාර හරස් කරන් ඉන්න ඩෑඩ් නිසා ආන්ටි මදරින්ලෝ හරියට තාම අපි දෙන්නව දැක්කෙ නැතිවෙද්දි පුතාව බලන්න ඕන හදිස්සියටද කොහෙදෝ එයා ඩෑඩ්ව මග ඇරලා ඉස්සරහට ආවා වගේම...ඇස් තෙත් කරන් දුවගෙන ඇවිත් පුතාව බදාගන්න හදපු ආන්ටි මදරින්ලෝ හුස්මත් ඉහලට ඇදන් හිටිය තැනම නතර උනා.....
මන් හිටියෙ තවමත් එයාගෙ පපුවට තුරුලු වීගෙන......ඒ අත් මගෙ ඉන වටා තදින් එතිලා ගිහින් තියෙද්දි ඩෑඩ් ආවද කියන එක ගානක්වත් නැතුව මගෙ ඔලුව උඩින් නිකට තද කරන් එයාඉස්සරහ බලන් හිටියා.....සමහර විට එයා ආන්ටි මදරින්ලෝව දැක්කෙ නැතුව ඇද්ද....නෑ නේ වෙන්න බෑනේ...දෙන්නම ඉන්නවනේ පල්ලියේ කනු දෙකක් වගේ පෙනි පෙනීම....එයාට ආන්ටි මදරින්ලෝව අදුනගන්න බැරි උනා වෙන්නත් බෑ...එයාගෙ ෆොටෝ එක්ක තිබ්බ ෆොටෝස් මන්මනේ පෙන්නුවේ....අදුනගන්නෙ නැතිවෙන්නෙ කොහොමද...
YOU ARE READING
~BO$$ BAB¥~
Fantasía"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ