Chapter 08
Hurt soo good
Written by Annaඔහු කුඩා දරුවෙක්...
මහ පාරේ තව කාගෙ හරි අතක් අල්ලගෙන දුවගෙන දුවගෙන යන පුංචි දරුවෙක්...
කලු පාට ඇදගත්ත මිනිස්සු පස්සෙන් දුවගෙන එද්දී මහ හයියෙන් මේ පුංචි දරුවා දුවගෙන යනවා....
වැටී වැටී දුවගෙන යන්නේ හතිත් දාන ගමන්..
බය වැඩිකමට ඇස්වල කදුලු කැට පිහිදාන ගමන් පිටි පස්ස හැරී හැරී දුවගෙන යනවා...ඒත් ඔහු පුංචි වැඩී මහ මිනිස්සු එක්ක තරගෙට දුවන්න....
පුංචි දරුවා වටේට හැරී හැරී බැලුවේ තමන්ගේ වටේ වටවුණු මේ මිනිස්සු දිහා...
කලු ඇදගත්තු මුහුණු ආවරණය කරපු මේ මිනිස්සු අතේ තිබුණේ එක එක වර්ගයේ අවි ආයුධ...
සමහරු අතේ යකඩ පොලු සමහරු අතේ පිහි සමහරු අතේ පිස්තෝල වගේ ඒවා තියෙනවා මේ පුංචි ලමයා දැක්කා...
ඔහුට දැනුණා තවත් චුටි අතක් ඔහුගේ සුලැගිල්ල තදින් අල්ලගෙන ඔහුගේ පිටුපස හැංගෙනවා වගේ...
තමන්ගේ අතින් අල්ලගෙන ඉන්න කෙනාගේ අතින් තදින් තද කරලා ඔහු අල්ලගත්තා...ඒත් ඊලග මොහොතේ ඔහුට දරාගත නොහැකි වේදනාවක් ආවේ තමන්ගේ හිසෙන්...
ලේ.. ඔව්...ලේ...
හැමතැන ම විසිරිලා...
පාරේ හැමතැනම විසිරිලා....ටිකෙන් ටික සිහිය නැති වේගෙන ගියපු ඔහුට ලාවට වගේ තමන්ගේ අතින් අල්ලගෙන තමන්ගේ නම කිය කිය අඩන කෙනෙක්ගේ සද්දයක් ආවාත් ඒ කවුද කියන්න මේ පුංචි ලමයාට හිතාගන්න බැරිවුණා....
පුංචි දරුවා ලේ විලක් මැදිව,
පුංචි කටහඩක් අඩ අඩ විලාප දෙන සද්දේ,
පිරිසක් වටවෙලා හිනාවෙන සද්දේ මැද්දේ,
ටිකෙන් ටික බොද වෙලා යන මේ පුංචි ඇස් අතරින් කදුලු වැටුණේ දුකට ද බයට ද කියන්න දන්නේ;
ඒ පුංචි දරුවාව ම විතරයි..."ඇදේ එහා පැත්තට මෙහා පැත්තට නින්ද යන්නේ නැතුව ඉදලා එකපාරටම ඔහු අවදිවුණේ තමන්ගේ ඇස්වලින් නොදැනුවත් වැටෙන කදුලු පිස දමමින්...