"අන්කල් මගේ අප්පා ඇයි ඔයාව පාවලා දුන්නේ...ඒ නිසා ද ඔයා මට කැමති නැත්තේ..මට වෛර කරන්නේ..අප්පා වෙනුවට මගෙන් පලිගන්න නේද අන්කල්ට ඕනේ..."
"පිස්සුද හේරීයෝ... ඔයා මට මගේ දුව වගේ..."
"එහෙනම් ඇයි මට කූ ලග ඉන්න බැරි..."
"බැරිකම නෙවෙයි හේරී...ඔය දෙන්නව පරිස්සම් කරගන්න ඕනේ මුලින් ම...බලන්න යුංගී තාම ඇදක් උඩ සිහිය නැතිව.. "
" යුංගී හියුන්ග්ව ඇක්සිඩන්ට් කරන්න කිව්වේ අප්පා නෙවෙයි ද... අහ්.. එතකොට මට එක දවසක් ඇහුණේ ඔයා කාටද මන්දා කියනවා හියුන්ග් ගැන මොනවද..."
"ඒක තමයි බූරු පුතේ කියන්නේ හොරෙන් දෙයක් අහගන්න කොට සම්පූර්ණ විස්තරේ අහගන්න කියලා...ජින්ගේ අප්පා කිව්වා යුංගීගේ නැතිවුණු මතකය එනවා කියලා..ඉතින් ඒ නිසා ම අපේ උන්ට මං යුංගී ගැන සෙවිල්ලෙන් ඉන්න කිව්වේ මොකද මතකය ආවට පස්සේ යුංගීටත් ආරක්ෂාව මදි නිසා...ඒත්... මට කලින් අරූ ඉස්සර වුණා...යුංගීව අරූ ඇක්සිඩන්ට් කලා."
"කවුද..අරූ..."
"අවුරුදු විස්සක් හොයලත් හොයාගන්න බැරි වුණු මට හමෙන් හම ගලවලා පලිගන්න ඕනේ මිනිහා..."
"රූගල් තහනම් වුණේ කොහොමද අන්කල්... "
"අවුරුදු විස්සකට කලින් වුණු කතාව මං කියන්නම්.."
අවුරුදු විස්සකට පෙර....
"සූහෝ...කොහෙද යකෝ උබ ඉන්නේ.....යා.... "
"මොකද ජියොන් ඔබ කෑගහන්නේ...."
"එන්න කියපං කිම්..උබේ මහ ලොකු මස්සිනාට....යා... මින් සූහෝ... ඉන්න තැනකින් වරෙන් යකෝ එලියට..."
"මොකද ජියොන් මේ...ඇයි මෙහෙම කෑගහන්නේ..."
"මොකද කියලා ලැජ්ජ නැතුව අහන හැටි...තෝ මොන තුප්පැහි දෙකේ කොලේ වැඩක් ද මිනිහෝ කලේ..."
"මොකක්ද මං කලේ..."
"උබ බබා.. උබ දන්නේ නෑ...ඇයි රූගල් එක රජයෙන් තහනම් කලේ...මොකක්ද අපි කලා කියන්නේ...ඩ්ර්ග්ස් ඩීල් කරනවා...චී..චී.. බං...අපි කවද්ද එහෙම කලේ..."
"සමහර දේවල් ඕනේවට වඩා කාලයක් ඕනිම නෑ ජියොන් තේරුම් ගනිං..."
"උබෙයි මගෙයි අතරේ යාලුකම් නෑ සූහෝ.. ඔබ මැරුණත් මං නෙවෙයි එන්නේ උබේ මලගමට... "