Chapter 12
Hurt soo good
Written by Anna"මම ආයේ කියන්නේ නෑ හියුන්ග් මගේ කොණ්ඩේ අත අරිනවා...... යා... ලොකූ මේ බලනවකෝ....."
"යකෝ යුංගී ඕක නවත්තපං... මගේ පොඩි එකාගේ ඔලුව ගලවන්නේ නැතුව හිටපංකෝ...."
ජින් එහෙම කෑ ගැහුවේ එක අතකින් ජන්කුක්ගේ කොණ්ඩේ අල්ලගෙන ඉන්න යුංගිව පිටපස්සට අදිමින්...
"උබ මොකට ද මහ රෑ මගේ ගෙදර ඇතුලට රිංගුවේ...."
"මේක හේරීගේනේ දැන්...."
"කාගේ ගෙදර වුණත් ගෑනු ලමයෙක් ඉන්න තැනක මහ රෑ එන එක හරි නෑනේ...:
"යකෝ ඔය පොඩි එකාව අත ඇරපං මිනිහෝ"
හොබී බැරිම තැන යුංගිව ඇදලා පැත්තකට කලා...
මම උදේ ඇහැරුණේ කාමයෙන් එලියේ ඇහෙන
සද්ද පූජාව නිසා... පොඩ්ඩක් ඉන්න.... ඇයි මට ජින් ඔප්පාගේ කටහඩ ඇහෙන්නේ....මං තාම නින්දෙන් හීන බලනව ද කියලා හිතාගන්න මට ම අමාරුයි... ඔන්න ඒ පාර යුංගීයාගේ කටහඩ.... ඔන්න ඊට පස්සේ කූගේ කටහඩ....මං නිදිමතේ හීන බලනවද මන්දා.....තව අදුරන්නේ නැති කටහඩකුත් ඇහෙනවා නේද...අහ්... මට නිදිමතයි අනේ.... ඈනුමුත් යනෝ ඒ මදිවට... ඒ වුණාට ඒ සද්ද පූජාවේ හැටියට රණ්ඩුවක් වගේ නේ ද....හෑ.... රණ්ඩුවක් නේ ද සිරාවට ම.....
රණ්ඩුවක් ද කියලා බලන්න ඕනේ නිසා ඇද ලග තිබුණු සෙරෙප්පු දෙකත් දාගෙන මම ඉක්මනටම සාලේ පැත්තට ආවා... දෙවියනේ මේක මොන්ටිසෝරියක් ද?
එලියට එද්දි ම හුරුපුරුදු කටහඩවල් ටික මට ආයෙමත් ඇහෙන්න ගත්තා... ජින්ගේ ටකරන් වොයිස් එක..කූගේ ශුද්ධ වූ භාෂාව..අපේ යුංගියාගේ ටිංකිරි වොයිස් එක....තව තව කවුදෝ මන්දා කෙනෙක් ඉන්නො...එයාගේ කටහඩ....ඔක්කොම මිශ්‍ර වෙච්ච මියුසිකල් ෂෝ එකක් වගේ ඇහෙන්නේ...ඒකට ඇත්තට ම මියුසිකල් ෂෝ කියන්නත් බැහැ... ගෙදර තනි කාලගෝට්ටියක් වගේ.....
හරිනේ... මල කෙලියයි මට අමතක වුණානේ....කූව තාම යුංගියා අදුරන්නේ නෑනේ....ඒත් මේ ජින් ඔප්පා කොහෙන්ද මෙහෙට කඩා පැන්නේ...ඒවා වැඩක් නෑ... මේ මොන්ටිසෝරි ලමයි ටික ව මුලින් සන්සුන් කරන්න ඕනේ...
මම එතනට ගියේ රණ්ඩුව නවත්තන්න කියලා...
යුංගියා කූගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදගෙන...ඒ මදිවට ජන්කුක් යුංගිගේ කොණ්ඩෙන් ඇදගෙන... එතකොට ජින් ඔප්පා යුංගිව එහෙට මෙහෙට කරන්න හදද්දී එහා පැත්තේ හිටපු ඔප්පා ජින්ගේ කොණ්ඩෙන් ඇද්දා...ඒකට යකා නැගලා ද කොහෙද ජින් ඒ ඔප්පාට හොදම එකෙන් කියනෝ....