ඩල්මී උදේ පාන්දර ආවේ හේරීව යුංගීට අයිති අපාර්ට්මන්ට් එකෙන් එලියට දාන්න වුණාට ඇය නැවත එතනින් පිටවුණේ හොදටම ලැජ්ජවෙලා...
උදේ ඩල්මී කෑගහලා ගියාට පස්සේ හේරී කාමරේ ඇතුලෙම තමයි ගොඩක් වෙලා හිටියේ... හේරී තමන්ගේ ඩයරිය ඇතුලේ තිබුණු පරණ ෆොටෝ එකක් අතට අරගෙන විනාඩි පහලොවක් තිස්සේ ඒක දිහා ඔහේ බලාගෙන ඉන්නවා... ඒ පින්තූරේ ගොඩක් පරණ පාටයි.. බැලූ බැල්මට අවුරුදු විස්සකට කලින් ගතපු පින්තූරයක්.. කලු සුදු පින්තූරයක්... හේරී හෙමීට පින්තූරය මත ඇගිලි යැව්වා... රූපෙන් අඩුවක් නැති හේරීගේ රූපෙට සමාන තරුණියක් ඒ වගේ ම කඩවසම් තරුණයෙක් මැදිව පුංචි පිරිමි ලමයෙක් වගේම පුංචි ගැහැණු ලමයෙක් හරි ලස්සනට හිනාවීගෙන ඉන්නවා... හේරී ඒ දිහා බලාගෙන නෝක්කාඩුවට වගේ හිනාවුණා.. පෑරිලා තිබුනු හදවත, අමතක කරන්න දගලන නපුරු මතක එකමොහොතෙන්
හේරීව ආයෙමත් ගිලගත්තා..."ඔම්මා මං අනාථයෙක් නෙවෙයි නේද..."
"අප්පා මට පාලුයි...."
හේරී හෙමීට මුමුණද්දී ඇයගේ ඇස්වලින් හෙමීට කදුලු රූටගෙන ආවා... ලෝකෙට පේන්න හැමදාමත් කදුලු හංගන හේරී තනියම ඉද්දී තමන්ගේ කදුලුවලට නිදහසේ ගලන්නට අවසර දෙන්නේ හිත ටිකක් හරි සැනසේවී කියලා හිතාගෙන.. ඇයගේ ඇගිලි පින්තූරයේ ඉන්න පුංචි පිරිමි ලමයා දිහාවට ගියා...ඇස්වල කදුලු තිබුණත් ඒ රූපේ දිහා බලාගෙන ඇය මදක් සිනාසුණා...
"ඔප්පා...මට පාලුයි අනේ... මං ගාවට ඉක්මනට එන්නකෝ... "
මේ අතරේ ඔවුන්ගේ අපාර්ට්මන්ට් එක තිබුණු තට්ටුවට ඇතුල්වෙන තැන තිබුණු පුටුසැටිය උඩ වාඩිවෙලා ජින් හා එලී බර කතාවක හිටියේ... ජින් මේ දවස් ටිකේ සිද්ධ වුණු සිදුවීම ගැන එලීට පැහැදිලි කරලා දෙන ගමන් හිටියේ...
"එතකොට ජිනූ, ඒ කෙල්ල ද ඩල්මී කියන්නේ..."
"ඔව් බං... "
"ඒකී ඇයි එහෙම හේරී එක්ක පැටලැවුණේ..."
"හේරීගේ කම්පැනි එක ලොකුඅප්පානේ බං බලාගෙන තියෙන්නෙ..ඉතින් ඩල්මීට කේන්ති ඇති හේරීට කම්පැනි එක භාරදෙනකොට... "
"සීයට දාහක් විශ්වාසයි ඒ දුෂ්ටී කම්පැනිය එයාගේ වෙන විදිහ හීන මවන්න ඇති...ඒ වුණාට ලොකූ, ඒකී අපේ පොඩිඑකාට කැමැති වගේ හිතෙන්නේ නැද්ද..."