Chapter 32
මේ හැමදේම ම වෙන අතරේ එලී නම් ගුවන් යානයේ අහස දිහා බලාගෙන කල්පනා කලේ එක දවසකින් වුණු මහ විනාසය ගැනයි.. ඇය තමන්ට ම සාප කරගත්තා ආදරය කරන දෙන්නෙක් ව වෙන් කලා කියලා... කන්ටේනර් රථය නිසා සිදු වුණු අකරතැබ්බිය නිසා එලී ගියේ එහි රියදුරා හමුවීමට යි.. මොකද මේ වෙන කොටත් එලී දැනගෙන ඉවරයි එදා තමන් දුන්නු කන්ට්රැක් එක වෙන කවුරුහරි වෙනස් කරවලා කියලා.. ඇත්තට ම ජියොන් අන්කල්ට ඕනේ වුණේ කන්ටේනර් රථය මගින් හේරීගේ පරණ මතක අවුස්සලා ජන්කුක්ව ලන්ඩන් වෙත ගෙන්න ගන්න.. ඒත් එදා වුණේ කවුරුත් හීනෙකින්වත් හිතපු නැති දෙයක් වෙනකොට මිස්ටර් ජියොන්ට සිද්ධවුණා ජන්කුක්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව පුලුවන් තරම් ඉක්මණට තමන් ලගට ගෙන්න ගන්න..ඒත් ඒ තීරණය හරි ද කියන්න තාමත් හැමෝගෙම හිත්වල ප්රශ්නාර්ථයක් ඇති.. ඒත් ජියොන්ගේ අදහස නම් මොනවා කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනේ කියන මතයයි.. ඇත්ත මිස්ටර් ජියොන්ට බැහැ ජන්කුක්ව ආරක්ෂා කරන්න කූ ලන්ඩන් ඇතුලේ නැති වෙන කොට..
"හියුන්ග්..."
"හ්ම්..."
"මේ හියුන්ග්...."
"මොකෝ..."
"මේකයි.. මං මේ නිකමට අහන්නේ..හියුන්ග්...."
"මොකෝ යකෝ තෝ හරකා වගේ තපුල්ලා තපුල්ලා ඉන්නේ...කියන බම්බුවක් කෙලින් අහපංකෝ..."
දැන් පැය බාගයක් තිස්සේ යුංගී කරන්නේ ජින්ගේ වටේ කැරකී කැරකී හියුන්ග් ගගා වැලලෙන එක විතරයි...ජින් බැරි ම තැන අතේ තිබුණු පිහියත් දික්කරගෙන යුංගිගෙන් ඇයි කියලා ඇහුවේ තර්ජනාත්මක ලීලාවෙන්...
පූසෙක් තම අයිතිකාරයා වටේ පුරු පුරු ගානවා වගේ ජින් වටේ කැරකෙන තම මිතුරා දිහා බලාගෙන හිටපු හොබී කතාව පටන්ගත්තා..
"හියුන්ග්... "
"ඒ පාර උබත් පටන්ගත්ත ද හොබියා..."
"නෑ මූ කෙකර බාන්නේ අර ඇලී ද සැලී ද නංගී කෝ කියලා අහන්න... "
"අනේ ඕයි හොබා එයාගේ නම එලී.. ඇලී සැලී නෙවෙයි.."
"හම්මෝ මෙන්න මේන් බලන්නකෝ ජින් හියුන්ග් අපේ යුංගියාට සැලී ද ඇලීගේ නමත් මතකයි ඒයි..."