chapter 35

168 28 42
                                    

Chapter 35

St. ROACH බැලු බැල්මට හිත නිවන්න පුලුවන් තැනක්..ඒ තරමට ඒ පරිසරය නිස්කලංක විදිහට නිර්මාණය කරන්න සූක්ෂම වෙලා තියෙනවා..ජන්කුක් වාඩිවෙලා හිටියේ පුංචි ළමයින්ට වෙන්වෙලා තිබුණු සෙල්ලම් පිට්ටනියේ බංකුවක් උඩ වාඩිවෙලා.. ඔහු ඈත තියෙන ඔංචිල්ලාව දිහා බලාගෙන ලස්සන මතකයක් නැවත මතක ආවර්ජනය කරන හැඩයි.. මොක ද කූගේ හිනාව කටින් එකයි.. අනිවාර්යෙන් හේරී එක්ක ගෙවුණු චූටි කාලේ මතකයක් මතක් වෙන්න ඇති... ජන්කුක් ගැන දන්න ඕනේ කෙනෙක් ඔය දේ තමයි කියන්නේ.. මොකෝ ජන්කුක්ගේ වගේ ම හේරීගේ ලස්සන මතක ගොඩක් මේ භූමිය ඇතුලේ තියෙනවා.. ඒ හිනාව බොද වීගෙන ගියේ මිස්ටර් ජියොන් එනවා දැකපු නිසයි...

"මොකො පුතා තනියම හිනා වෙන්නේ.. ඔයාගේ සුරංගනාවීව මතක්වුණා ද..."

"කියන්න ආපු දේ විතරක් කිව්ව නම් ලේසියි මිස්ටර් ජියොන්.."

"දැන්ම එයාර්පෝර්ට් එකට යන්න."

"මොකටද."

"අපේ අලුත් ක්ලයන්ට් කෙනෙක් ඒවී එයා එක්ක මීටින් එකක්  අද තියෙනවා...ඒකට තමුන් තමයි යන්න ඕනේ..."   

"මට බැහැ..."

මිස්ටර් ජියොන් ජන්කුක්ගේ කන ලගට ඇවිත් රහසින් කිව්වේ, " පුතා , ඔයාගේ සුරංගනාවීට මං මොනවා කරාවිද දන්නේ නැහැ..ඒ නිසා මං කියපු දේ විතරක් කරනවා.."

"ඔයා හැමතිස්සෙම හේරී ගැන කියලා මට තර්ජනය කරන එක නවත්තගත්තොත් හොදයි මිස්ටර් ජියොන්..."

"තව බඩු වගයක් ඒවී.. ඒ ටික පරිස්සමට පීටර් එක්ක අරගෙන එනවා..රේගුවට මාට්ටු වෙන්න බැහැ තේරුණාද..."

මිස්ටර් ජියොන් සමච්චල් සහගත හිනාවක් මූණට ආරූඪ කරගන්න ගමන් කිව්වා...ජන්කුක් තම පියාට රවාගෙන ම පීටර් එක්ක යන්න හැදුවත් නැවතත් ජන්කුක්ව මොහොතකට නවත්තගත්තා. ඒ අතරතුර ඔවුන් අසලට තරුණියක් ආවා.. සුදු පැහැති කොට ගවුමක් ඇදගෙන හිටපු තරුණිය ඔවුන්ට ආචාර කලා.. මිස්ටර් ජියොන් ද ඇයට ආචාර කලත් ජන්කුක් නම් හැගීම් විරහිතව තරුණිය දිහා බලාගෙන හිටියා...

"ජන්කුක් මේ ඉන්නේ සොන්ග් ලියා..මෙයා එක්ක ඔයා මීටින් එකට යන්න..."

HURT SOO GOOD  ●ONHOLD●Where stories live. Discover now