Chapter 38
අද කුණාටුවක් වගේ මුලු පරිසරයම මුස්පේන්තු පාටට තිබුණේ.. මෙච්චර වෙලා වැහි පොද පොලවට ඇදගෙන වැටුණේ ගල්ගෙඩි වැටෙනවා වගේ සද්දෙට.. අහලා පහල තියෙන ගස් කොලන් ඇබරිලා යන්න පුලුවන් තරමට හුලගත් තදේටම හමනවා.. දැන් පැය දෙකක් විතර තදේට වැස්ස තිබිලා වැස්ස වහින එක එකපාරටම අඩු කලා.. පොදයක් දෙකක් තවමත් පොලවට වැටුණත් හෝරා දෙකක් පුරාවට තිබුණු වැස්ස තරමක් අඩුවෙලා තිබුණා...
වැස්ස විවේකයක් අරගෙන තිබුණු නිසා හේරී ඉස්පිරිතාලේ තිබුණු ගාඩ්න් එකට ගියේ ඇවිලිලා ගිහින් තියෙන හිත ටිකක් සන්සුන් කරගන්න කියලයි... වෙලාව දැන් මහ පාන්දර විතර වෙලා ඇති.. කොහොමත් කලුවර වෙලාවක් වුණත් වැස්ස නිසා මහ අමුතු මුස්පේන්තු ගතියක් හේරීට දැනුණා... වැස්ස කියන්නේම හැගීම් ගොන්නකට.. ඒ වෙලාවේ වෙන කාට හරි වැස්ස ගැන සතුටු හැගීමක් දැනෙන්න පුලුවන් වුණත් හේරීගේ හිතට දැණුනේ මහ කාලකණ්නි මුස්පේන්තු ගතියක් විතරයි... හිත එන්න එන්න ම බර වෙද්දී පරිසරයේ ලස්සන බලන්න කොහෙන්ද ඒ හිතට නිදහසක්...ලස්සන දේත් මහ අමුතු එපා කරපු දෙයක් විදිහට ඒ වෙලාවේ පේන්න පටන්ගන්න පුලුවන්... ඉතින් හේරීටත් මහ පාන්දර කලුවර අහස, කලුවර පරිසරය, නිශ්ශබ්දතාව මහ වැස්ස වගේම සීතල සුලගත් නිසා දැණුනේ මහ මුස්පේන්තු ගතියක්...
වැස්සට තෙත වුණු තණකොල ගොඩේ හේරී හෙමිහිට අත් දෙකත් බැදගෙන ම ඔහේ ඇවිදෙන ගෙන අසිහියෙන් වගේ.. යන්නේ කොහෙද ඉන්නේ කොතන ද හේරීට ඒ දේවල් ගැන ගාණක් වුණේ නැහැ.. අඩුම තරමේ මහ රෑ සීතලයි පොද වැටෙන නිසයි තමන් ලෙඩවෙයි කියලා හිතන්න තරම්වත් හේරී හරි සිහියක නැහැ.. කොහොම හරි සිහියක ඉන්න ද..තමන්ගේ සහෝදරයා ජීවිතයත් මරණයත් අතර සටනක.. තවත් තමන්ට පණ වගේ ආදරය දුන්නු සහෝදරයෙක් සිහිය නැතුව ඇදක් උඩට වෙලා... තමන් මුලු ලෝකයටත් වඩා ආදරය කරපු පිරිමියාගේ අතේ වෙන ගෑනු කෙනෙක් එල්ලිලා පින්තූර ලෝකේ පුරා ප්රචාරය වෙද්දී ඒ හිත නිකරුණේ ලෙඩ නොවී තියේවි ද... අගක් මුලක් නැති ප්රශ්න ඉවරයක් විසදුමක් නැති ප්රශ්න ගෝනියක් අස්සේ හේරී නූල් බෝලයක් වගේ හොදටම පැටලිලා.. හිතලා හිතලා වැඩිවෙලා ම පියවි සිහිය නැහැ වගේ තමයි හැසිරෙන්නේ...