Chapter 22

188 34 70
                                    

Chapter 22
Hurt soo good
Wriitten by Anna

මහ රෑ කම්පැනියේ ඉදලා ආපු ජන්කුක් ආයේ හෙමින් සිරුවේ ඇදට නැගලා හේරීව තමන් ලගට තුරුලු කරගත්තා...උදේ පාන්දර වෙනවත් එක්ක දෙන්නම ඇහැරුණේ අපාර්ට්මන්ට් එකේ බෙල් එක කැඩෙනකම් එක දිගට කවුරුහරි බෙල් එක ගහපු නිසා...නිදිමතේ ම ජන්කුක් දොර අරින්න ඉස්සරහට ගියේ උඩට ෂර්ට් එකත් නැතුවමයි... හේරීත් උදේ පාන්දර බෙල් එක ගහපු එකාට හිතින් හොදට ම බනින ගමන් නයිට් ඩ්‍රස් එක පිටින් ම ඉස්සරහට ආවා...ජන්කුක් දොර ඇරියා... දොර අරිනවත් එක්ක ම ජන්කුක්ට ඇහුණේ කෙල්ලෙක්ගේ වාචාල කටක්...ඒ වෙන කවුරුත් නෙවෙයි ඩල්මී...

ඩල්මී උදේ පාන්දර ම හේරීව ගෙදරින් එලියට දාන්න බලාගෙන යුංගීගේ අපාර්ට්මන්ට් එකට ආවා... යුංගීගේ අපාර්ට්මන්ට් එක තියෙන තැන මුලදී ඩල්මී දැනගෙන හිටියේ නැති වුණාට පස්සේ යුංගීගේ පස්සෙන් හොරෙන් ඇවිත් අපාර්ට්මන්ට් එක හොයාගෙන තිබුණා...හේරීව බලාපොරොත්තු වුණ ඩල්මී ජන්කුක්ව නම් බලාපොරොත්තු වුණේ නැහැ.. ඒකත් ෂර්ට් එකක්වත් උඩට නැතුව ඉන්න ජන්කුක්ව... ඇය ඈතින් හේරී එනවාත් දැක්කා...

"ජන්කුක්...  ත.. තමුන්...තමුන් අර අනාථ කෙල්ල එක්ක ද හිටියේ... තමුසේ එයා එක්ක නිදාගත්ත ද... "

ලැජ්ජාවක් නැතුව ඩල්මී ඇහුවා.. ජන්කුක් හරිම අප්‍රසන්න විදිහට බලාගෙන ඉදලා ලග තිබුණු ෂර්ට් එක උඩට දාගත්තා...

"මං මගේ කෙල්ල එක්ක ඉන්නේ නැතුව තමුසේ එක්ක ඉන්නද ... මගෙන් උදේ පාන්දර කුණුහර්ප අහගන්න එපා..."

"කවුද කූ...."

හේරී එහෙම අහන ගමන් දොර ලගට එද්දී ම ඩල්මී හේරීව තල්ලු කරගෙන ගිහින් බිත්තියට හේත්තු කර ගත්තා....

"උබ කීදෙනෙක් එක්ක නිදාගත්තද..."

මේ අතරේ අල්ලපු අපාර්ට්මන්ට් එකේ හිටපු අනිත් සෙට් එකත් ඇස් පොඩි කරන ගමන් දොරෙන් එලියට ඔලුව දාලා බැලුවේ මොකක්ද ඇහුණ කෑගැහිල්ල කියලයි..

"අත අරිනවා ඩල්මී... මං හොදින් කියන්නේ...."

හේරී ඩල්මී ව ටිකක් ඈතට තල්ලු කලත් හේරීගේ බෙහෙත්වල සැරට ඇය තවමත් දුර්වලයි...

HURT SOO GOOD  ●ONHOLD●Where stories live. Discover now