Chapter 11
Hurt soo good
Written by Anna"එතකොට ඔයාලා දෙන්නා අදුරනව ද..."
කුස්සිය ඉස්සරහ හිටගෙන ඉන්න යුංගී,
හොබී හා ජින් දිහා මාරුවෙන් මාරුවට හැරිලා බැලුවා..."ඔව් මූ ඩොක්ටර් කෙනෙක් මං කවුන්සිලර් කෙනෙක්... ඉතින් අදුරනවා..."
"කොහොම ද..."
"අර කාලෙකට කලින් ස්වේච්ඡා වෛද්ය කණ්ඩායමක මං හිටියේ.. මෙයත් ඒකෙ හිටියා..."
යුංගි අහන එක එක ප්රශ්නවලට හොබී උත්තර දුන්නේ පුටුවක් උඩින් කකුල තියාගෙන ෆෝන් එක ඔබන ගමන්...
"එතකොට ඔයා ඇයි මෙහෙ ආවේ...."
මං ආවේ අපේ අප්පාගේ හොස්පිට්ල් එකේ වැඩ කරන්න... එයාගේ මරෙන් පොරෙන් බේරෙන්නත් එපැයි... අනික මගේ පොඩි එකාගෙන් පුදුම වදයක් තිබ්බේ..."
" හෑ...ලමයෙක් ඉන්නව ද"
ෆිජ් එකත් ඇරගෙන කූල් වතුර බෝතලයක් අරගෙන වතුර බොන්න හදපු ජින්ට ඉස්මොල්ලට ආවේ යුංගී අහපු ප්රශ්නේ නිසා...
"නෑ යකෝ... මේ තරුණ වයසට මොන ලමයි ද... අනික මාත් තාම ලමයෙක් වගේනේ..."
"ඇයි හත්වලාමේ ඔයානේ කිව්වේ දැන් පොඩි එකෙක් ගැන..."
"අහ්.. මගේ මල්ලී වගේ එකා ගැන කිව්වේ..."
"මේ ඒක නෙවෙයි....යුංගියෝ"
ජින් තමන්ගේ ෆෝන් එකත් පැත්තකින් තියලා හොබී දිහා බැලුවේ මං අරක යුංගිගෙන් අහන්න ද වගේ බැල්ලමකින්... හොබීත් අහලා බලපං කියන්න වගේ ඔලුව වැනුවා...
"මේකයි... මං අදුරන එකෙක් ඉන්නෝ හොදේ...."
"උබ ඔය හියුන්ග් ගැන නෙවෙයිනේ කියන්නේ..."
"නෑ... නෑ... යකෝ අහගනිංකෝ...."
"කියපන් ඉතින්..."
"මං අදුරන එකා කෙල්ලෙක්ට ලව්ලු..."
"ඉතින්..... මට මොකක්ද කරන්න කියන්නේ...."
"අනේ රට හරකෝ මැදින් ඇඩ් දාන්නේ නැතුව මං කියන දේ අහගනින්කෝ...ඒ කෙල්ල උගේ හොදම යාලුවා ලු...."
"ඉතින්...."
"ඉතින්.....ඉතින් කිතුල්.... හිටපංකෝ මැදින් දෙන්නේ නැතුව... "